Thursday, October 31, 2019

බිරිඳගෙන් පළිගන්න අටමස් බිළිඳියව අමානුෂිකව ඝාතනය කළ නරුම පියෙකුට අවසානයේ සිදු වූ දේ

බිරිය සමඟ පැවැති ආරවුලක් දුරදිග ගොස් සිය අටමස් බිලිඳියගේ ගෙල කපා ඝාතනය කළ 26 හැවිරිදි පියෙකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ 30දා මරණ දඬුවම නියම කළා.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මිද්දෙණිය, හෙල්ලල, දමනියගහවත්ත පදිංචි තොටමුණ පටබැඳිගේ චතුර මදුසංක නමැත්තකුටයි.

සැකකාර පියා බිරිය සමඟ පැවැති ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් බිරියගෙන් පළිගැනීමක් ලෙස 2014-01-15 දා සිය දියණියගේ ගෙල කපා අසල තිබූ තේක්ක කැලයක
දමා තිබියදී ඥාතීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස පියාගේ අතින් ඝාතනයට ලක් වූයේ මාස අටයි දින විස්සක් වයසැති තොටමුණ පටබැඳිගේ තිශිදි සදිත්‍යා නමැති දැරියයි.

2014-01-15 දින සිය මව භාරයේ සිටි දැරිය පැහැරගෙන කැලයට රැගෙන ගොස් ඇති සැකකාර පියා ඇය ඝාතනය කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් සැකකාර පියා අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසුව පැවැති මූලික නඩු විභාගයෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ අනුව පැවැති නඩු විභාගයේදී සැකකරු අදාළ චෝදනා සඳහා වැරදිකරු බවට පත් වීම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ 30 දා සැකකරුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

මිද්දෙණිය පොලිසියේ සැරයන් (20046) එස්.එච්. ගුණරත්න මහතා, රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka