Monday, October 28, 2019

වයෝවෘද්ධ පියාට අමානුෂික ලෙස පහර දී මරා දැමූ පොලිස් පුතා

ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් පොලිස් පුතකු එල්ල කළ අමානුෂික ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ වයෝවෘද්ධ පියා 26 වැනිදා රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර රෝහල පවසයි.

මෙලෙස පොලිස් පුතුගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පියා, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 26 වැනිදා වන විටත් රෝහල් වාට්ටු අංක 20 හි බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුව ඔහු
ජීවිතක්ෂයට පත්ව තිබේ.

කහටගස්දිගිලිය, කුකුලෑව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර සැරයන්වරයා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නීති අංශයට අනියුක්තව සේවයේ නියුතු සැරයන්වරයෙකි. කලක සිට ඉඩමක් සම්බන්ධයෙන් මෙම පියා සහ පුතු අතර ආරවුල් ඇතිවී තිබෙන අතර එම ආරවුල නිසා දෙදෙනා අතර බහින්බස් වීම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.

පුත්‍රයාගේ අමානුෂික ප්‍රහාරය හමුවේ බරපතළ තුවාල ලබා ඇද වැටුණු පියා ප්‍රතිකාර සඳහා පසුගිය 24 වැනිදා රාත්‍රීයේ කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබේ.

ප්‍රහාරයට ලක්වූ පියාගේ පෙණහලූවලට හානි සිදුව ඇති බවත් ඔහුගේ පෙණහලූවලට රුධිර වහනයවීම නිසා බරපතළ තත්ත්වයෙන් සිටි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

පහර කෑමට ලක්වූ සැරයන්වරයාගේ පියා පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් උතුරුමැද පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරියා ඇතුළු උසස් නිලධාරින්ට ප්‍රහාරය පිළිබඳව වාර්තා කර තිබෙන බව අනාවරණය විය.

පහරදීමට සම්බන්ධ බවට සැක කරන පොලිස් සැරයන්වරයා මේ වන විට පලාගොස් ඇති බව අනාවරණය විය.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත කහටගස්දිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ප්‍රදීප් උඩුමලගල මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරති. 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka