Tuesday, October 22, 2019

කාන්තාවගේ වරමක් සක‍්‍රීය කිරීමට ගිය යකැදුරු රක්ෂිත බන්ධනාගාරයට

කාන්තාවකට වරමක් හිමිව ඇතැයි පවසා එය සක‍්‍රීය කිරීමේ මුවාවෙන් ඇය දූෂණයට ලක්කළැයි අත්අඩංගුවට ගත් යකැදුරකු අතිරේක මහෙස්ත‍්‍රාත් ගිහාන් ජයවර්ධන මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මතුගම පාන්තිය බිලින්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි විශ‍්‍රාමික ගුවන් හමුදා භටයකු වන හතලිස් දෙහැවිරිදි යකැදුරකු වන වික‍්‍රමාරච්චි අතුකෝරලලාගේ අසංක උදයකර නැමැති අයයි.

සැකකරු කලක සිට තමන් පදිංචි පාන්තියේ යකැදුරකු ලෙස කටයුතු කර ඇති අතර ආසන්න නාරවිල පදිංචි
කාන්තාවකට වරමක් හිමිව ඇතැයි සැකකාර යකැදුරා පවසා ඇත. ඒ අනුව යකැදුරු විසින් එම කාන්තාව ඔහුගේ ග‍්‍රහණයට නතුකරගෙන ඇය හා එක්ව සිට ඇති බව පසුව අනාවරණයවී ඇත .

අදාල කාන්තාව මේවනවිට කළුතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි .

මතුගම වැඩබලන මුලස්ථාන පොලිස් පරික්ෂක පී . කේ.ඞී.රුද්‍රිගු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශාධිපති අයි.එම් .එස්.බන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්

ප‍්‍රියංකා(කා.පො.සැ.2017), මධුවන්ති (කා.පො.කො.8727)යන නිලධාරීයන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි .

මතුගම විශේෂ - අනුර ජයසේකර 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka