Monday, October 28, 2019

වලස් රහසඟට ලොල් වූ ඉන්දීය දඩයක්කරු අත්අඩංගුවට

‘‘ස්ලෝත් වලසුන්” (sloth bear) මරා එම සතුන්ගේ රහසඟ ආහාරයට ගැනීමට පුරුදුව සිටි නමගිය දඩයක්කරුවකු අල්ලා ගැනීමට ඉන්දීය පොලිසිය සමත්ව ඇත.

 පුළුල් මෙහෙයුමක් මගින් සැකකටයුතු එම දඩයක්කරු අල්ලා ගැනීමට හැකිවීම ඉන්දියානු පොලිසිය විසින් විග‍්‍රහ කරනු ලැබ තිබෙන්නේ ‘‘ඉතාම වැදගත් අත්අඩංගුවට ගැනීමක්” ලෙසිනි.

 ‘යාර්ලෙන්’ (Yarlen) නමින් හඳුන්වනු ලබන දඩයක්කරු වසර ගණනක් පොලිසිය සමග කට්ටි පනිමින් සිටි බව පැවසේ.

 ඉන්දීය වන සරක්ෂණ බලධාරීන් ඔහු සම්බන්ධයෙන් පළමුවරට අවධානය යොමු කරන ලද්දේ ඉන්දියානු ජාතික වනෝද්‍යානයකදී රහසඟ කපා
ඉවත් කර ගන්නා ලද වලස් මළසිරුරු හමුවීමෙන් පසුවය.

 ‘පාර්ධි-බෙහෙලියා’ (Pardhi-Behelia) නම් වනගත එෙඬ්ර ගෝත‍්‍රයේ සාමාජිකයකු වන ‘යාර්ලෙන්’ වනසතුන්ගේ ලිංගේන්ද්‍රිය කාමොද්දීපනය කෙරෙන වාජීකරණයක් ලෙස විශ්වාස කරන්නේ යයි මධ්‍ය ප‍්‍රදේශ් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රිතේෂ් සිරෝතියා (Ritesh Sirothiya) සඳහන් කළේය.

 වලසුන් මරා එම සතුන්ගේ රහසඟ ආහාරයට ගන්නා ලදැයි සැක කෙරෙන ‘යාර්ලෙන්‘ පසුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගුජරාට් ප‍්‍රාන්තයේදීය.

 ‘යාර්ලෙන්’ වලස් දඩයමේ පමණක් නොව මධ්‍යම ඉන්දියාවේ ව්‍යාඝ‍්‍රයන් ද මරා විකිණීමේ නිරත වූ ප‍්‍රධාන දඩයක්කාරයකු බව රිතේෂ් සිරෝතියා පවසයි.

 ඒ අනුව ඔහු, මධ්‍යම සහ බටහිර ඉන්දියාවේ වනාන්තරවල කොටින් ද ඇතුළුව වඳ වෙමින් ඇති දුර්ලභ ගනයේ වනසතුන් මරා විකිණීමේ නිරතවීමට අදාළ නඩු කිහිපයකම සැකකරුවකු වේ.

 එහෙත් පොලිසිය තමා අත්අඩංගුවට ගනු ලැබීමෙන් බේරීම සඳහා ‘යාර්ලෙන්’ විවිධ නම් කීපයකින් පෙනී සිටි බවත් පැවසේ.

 අවසානයේදී පොලිසියට කොටු වූ ‘යාර්ලෙන්’ට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර, ඔහු හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැත.

 පොලිසිය විසින් පසුගිය බදාදා (ඔක්තෝබර් 23) අධිකරණය ඉදිරියට පමුණුවන ලද ‘යාර්ලෙන්’ අත්අඩංගුවේ තබා ගැනීමට අධිකරණයේ අවසර ලැබිණි.

 ‘‘අපි යාර්ලෙන් සිටින තැනක් සොයා ගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් නිර්මාණය කළා. ඔහු අල්ලා ගැනීමට අවුරුදු හයක්ම ගතවුණා. මේක තමයි, දීර්ඝතම කාලයක් ගත් අපේ මෙහෙයුම” ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය සාධක බළකායේ ප‍්‍රධානියා වන රිතේෂ් සිරෝතියා (Ritesh Sirothia) පවසයි.

 මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ දකුණු කලාපයන්හි ජීවත් වෙන ‘පාර්ධි-බෙහෙලියා’ (Pardhi-Beheliya) නම් එෙඬ්ර ගෝත‍්‍රිකයන් පුරුද්දක් ලෙස වනගත ජීවිත ගතකරන ජනකොටසක් වන අතර, ජීවිකාව පවත්වා ගනු ලබන්නේ දඩයමිනි.

 පුරුද්දක් ලෙස දඩයම දිගටම සිදුකෙරෙමින් ඇතත්, ඉන්දියානු නීතිය අනුව දඩයම නීතියෙන් තහනම්ය. ගෝත‍්‍රික ප‍්‍රජාව ඇතුළුව සියලූ ජනකොටස්වලට එම නීතිය බල පැවැත්වේ. ගෝත‍්‍රික ප‍්‍රජාවට විකල්ප ජීවිකා වෘත්තීන් හඳුන්වා දීමට කටයුතු කරමින් ඇති බව ඉන්දියානු ආණ්ඩුව ප‍්‍රකාශ කළත්, එම ජනයාගෙන් වැඩි කොටසක් මහා සමාජයෙන් කොන් වූ ජීවිත ගත කරති.

 මින්පෙර ඉන්දියානු පොලිසිය ‘යාර්ලෙන්’ 2013 වසරේද අත්අඩංගුවට ගනු ලැබ ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබ තිබෙන්නේ ‘කන්හා‘ (Kanha) ජාතික වනෝද්‍යානයේ තිබී වලස් මළ සිරුරු දෙකක් පොලිසියට හසුවීමෙන් පසුවය.

 එම පිරිමි වලස් මළ සිරුරුවල ජනනේන්ද්‍රිය සහ පිත්තාශය (genitalia and gall bladders) අතුරුදන්ව තිබිණි.

 2013 වසරේ අත්අඩංගුවට ගන්නා ලද ‘යාර්ලෙන්’ අවුරුද්දක කාලයක් බන්ධනාගාරයේ ගත කරමින් සිට ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අතුරුදහන් වූ බව පොලිසිය පවසයි.

 අක්මාවේ නිපදවනු ලැබ පිත්තාශයේ ගබඩා වෙන ‘වලස් පිත’ (Bear bile) වසර සිය ගණනක් පුරා චීනයේ සම්ප‍්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා උපයෝගී කරගනු ලබන අතර, ඒවා අනවසර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරේ.

 වඳ වෙමින් ඇති වන ජීවීන් සහ ශාකවලට අදාළ ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රඥප්තිය යටතේ ‘යාර්ලෙන්’ ට එරෙහිව මහාරාෂ්ට‍්‍ර සහ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තවල නඩු හයක් පවරා ඇති බව ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය සාධක බළකායේ ප‍්‍රධානියා වන රිතේෂ් සිරෝතියා (Ritesh Sirothia) පවසයි.
 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka