Sunday, October 13, 2019

ගණිකා වෘත්තීය නීතිගත කරන්න ජනාධිපති සටනට එන නිරූපිකාව

ලෝ ප්‍රකට ප්ලේබෝයි (Playboy) සඟරාවේ නිරූපිකාවක් ඒවා (Ava Karabatic) ක්‍රොඒෂියාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කරන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලබන ජනවාරි මාසයේදී ක්‍රොඒෂියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් තමා තරඟ කිරීමට සූදානම් වන බවයි ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ.

ඇය මේ වන විට 31 හැවිරිදි වියේ පසුවනවා.
එහිදී ඇය ඉතාලියේ වෙරළ තීරයක සිට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යගත කරමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.
Ava Karabatić has announced she will run in next year's presidential elections. Credit: CEN

එම ඡායාරූප සමඟ ඇය සටහනක් ද එක්කර ඇත්තේ “මම ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට තීරණය කර ඇත්තෙමි.”

“මට ඉන්ස්ටග්රෑම්හි බොහෝ දෙනා උපකාරක පණිවිඩ එවා ඇති අතර ඒ සඳහා මම ඔබට ස්තූතිවන්ත වෙමි. දේශපාලනය මගේ දෙවන ආදරයයි. මට මගේ රටට සිදුවන නරක දේවල් තවදුරටත් බලා සිටිය නොහැකියි. අපේ යෞවනයන් රට හැර යනවා, උපත් අනුපාතය පහත වැටෙනවා.” යන්න එහි තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇය ඉතාලි භාෂාව හා රෝම සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක් වන අතර ස්වයං චරිතාපදානයක් සහ නවකතාවක් ඇය විසින් රචනා කර තිබෙනවා.

රංගනයට අමතරව චිත්‍ර ශිල්පිණියක ලෙස ද ඇය කටයුතු කර ඇති බවයි පෙන්වා දෙන්නේ.

ඇය සිය ඉන්ස්ටග්රෑම් පිටුවෙහි ඇගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ගංජා සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම, මිනිසුන් නිදහසේ ගමන් කිරීමේ ගැටලුව විසඳීම සහ ගැබ් ගැනීමෙන් සති 06කට පසු ගබ්සාව තහනම් කිරීම ද ඇතුළත් වෙයි.

ගණිකා වෘත්තිය ආර්ථික හේතූන් මත නීතිගත කළ යුතු බව පෙන්වා දෙන ඒවා සඳහන් කරන්නේ ඉන් බදු ගෙවීමෙන් රජයට ලාභ ලැබිය හැකි බවයි.

“මම වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ අන්තරායන් පිළිබඳව මම හොඳින් දනිමි. ගණිකා වෘත්තිය නීතිගත වෘත්තියක් බවට පත්වුවහොත් එය වළක්වා ගත හැකිය.” යන්න ඒවා සඳහන් කර සිටියි.

ඒවා ගණිකා වෘත්තීය නීතිගත කරන ලෙස එරට සිදුකළ උද්ඝෝෂණ වල පෙරමුණ ගෙන සිටි අයෙකි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka