Saturday, October 12, 2019

මම උගුලකට අහුවුණා- සමහර අතපසුවීම් සමාව දිය නොහැකි ඒවා

සෙක්ස් ගැන මිනිස්සුන්ගේ උනන්දුව අලුත් දෙයක් නෙවෙයි. ඒත් අද වෙනකොට අන්තර්ජාලය විසින් ඒ සෑම ආශාවක්ම ගවේෂණය කිරීම හා සමානවම සූරාකෑමත් පහසු කරලා තියෙනවා. ඔන්ලයින් සෙක්ස් මූවීස් එහෙමත් නැත්නම් ඔන්ලයින් සෙක්ස් වීඩියෝස් මගින් හැම අවුරුද්දකම සමාගම් ඩොලර් බිලියන ගණනක ලාභ උපයනවා. නමුත්, එහි සැබෑ වාසිය හිමිවන්නේ ඒවායේ රංගනයේ යෙදෙන රංගන ශිල්පීන්ට නොවෙයි. මියා කලීෆා; කෙටියෙන් හැඳින්වූවොත් ඇය නිල් චිත්‍රපට රංගන ශිල්පිනියක් වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ අයෙක්. ඇය වඩාත් ජනප්‍රිය වුනේ හිජාබයක් පැළඳගෙන කළ වීඩියෝවක පෙනී සිටීම නිසාවෙන්. වසර ගණනාවක තර්ජන හා අනාරක්ෂිතභාවයන් ගෙන් අනතුරුව ඇය මේ ආකාරයට නිල් චිත්‍රපට කර්මාන්තය හා විසි එක්වන සිය⁣වසේ සංස්කෘතිය සම්බන්ධව මෙසේ බීබීසි හි සම්මුඛ සාකච්ඡාවකදී අදහස් ඉදිරිපත් කළා.

1. බොහෝ මිනුම් වලින් බැලූ විට ඔබ ඉතාමත් ජනප්‍රිය කාන්තාවක්. උදාහරණයක් විදියට ඔබේ
ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන දහසයකට වැඩියි. නමුත් ඔබගේ එම ජනප්‍රියත්වයේ ප්‍රභවයන් වන්නේ නිල් චිත්‍රපට කර්මාන්තය සඳහා වූ ඔබගේ කෙටි කාලීන සහභාගීත්වය. එම කාරණාව සමඟ ඔබට කටයුතු කිරීමට අපහසුතාවයක් ද?

★ ඇත්තෙන්ම ඔව්. මම චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වූ පසු මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම 'අයිසිස්' අනුගාමිකයන්  විසින් හැක් කරනු ලැබුවා. ඉන්පසු ඉන්ස්ටග්‍රෑම් ආයතනය විසින් පසුව එය ඉවත් කෙරුවා. මම පෙර නිල් චිත්‍රපට රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කළ බව මා විසින් පිළිගන්නා තුරු මම වසරක් පමණ යන තුරු නැවත ඉන්ස්ටග්‍රෑම්වලට සම්බන්ධ වුනේ නැහැ. පසුව මම නැවත ඉන්ස්ටග්‍රෑම් හා සම්බන්ධ වුනා සහ මම උත්සහ කරනවා වඩා හොඳ බලපෑම්කාරිණියක් හෝ ක්‍රියාකාරිණියක් වෙන්න.

2. ඔබේ නම ගූගල් කර බලන විට එය පැමිණෙන්නේ නිල්චිත්‍රපට නිළියක් යන නමින්. ඔබේ නම සමගම විශාල ප්‍රමාණයක ලින්ක්ස් පැමිණෙනවා. එය ඔබට ගැළවිය හැකි දෙයක් නෙවෙයි. එය ඔබට අවශ්‍ය දෙය කියා මම කියන්නේ නැහැ. නමුත්, අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට?

★ ඔව්. එය එහෙම තමයි. නමුත්, මම ගූගල් හිතකාමී අයෙක් නෙවෙයි. හිමිකාරීත්වය මගේ නොවන වෙබ් අඩවි මඟින් පවා මම ඒවා පවත්වාගෙන යන බව සඳහන් කරමින් පවත්වාගෙන යනවා. විකිපීඩියාවේ එය මාගේ නිල වෙබ් අඩවිය බව සඳහන් කරනවා. ගණන් කළ නොහැකි තරම් වතාවක් නීතිමය ක්‍රියාමාර්ගද සහිතව අපි එය ඉවත් කිරිමට උත්සහ ගෙන තිබුණත් එය නොහැකි වී තියෙනවා.

3. අපි පියවරෙන් පියවර යමු. අමෙරිකාවට ලෙබනනයේ සිට දෙමවුපියන් සමඟ එන ලද, අමෙරිකාවේ පාසල් අධ්‍යාපනය ලද, ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වූ පැහැදිලිවම බුද්ධිමත් වූ ගැහැණු ළමයෙක් මෙවන් කර්මාන්තයක් සමඟ සම්බන්ධ වුනේ කොහොම ද?

★ මම හිතන විදියට ආත්මාභිමානය අඩු වීම ඔබ කුමන පසුබිමකින් පැමිණෙනවාද කියන එක හා සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබ හොඳ යැයි කියන පවුලකින් පැමිණෙනවාද නැතිනම් සාමාන්‍ය පසුබිමක් සහිතව පැමිණෙනවාද කියන එක ඊට අදාළත්වයක් නෑ. මම මගේ ළමා කාලයම මගේ තරබාරු ස්වභාවය පිළිබඳ කරදර වෙමින් සිටියේ. මට කිසි විටෙක මම පිරිමි ආකර්ශනයක් ලැබීමට සුදුසු හෝ වටිනා බවක් හෝ දැනුනේ නැහැ. ඉන්පසු, යම් යම් කුඩා වෙනස්කම් කිරිමෙන් පසුව මගේ කොලේජයේ ගෙවුනු පළමු වසරේදී මගේ බර අඩු වීමට පටන් ගත්තා. මම උපාධිය ලබාගන්නා කාලය වන විට මම විශාල වෙනසක් කිරිමට සූදානමින් හිටියා. මගේ බර අඩුවන විට මගේ පියයුරු විශාල වෙනස් වීමකට ලක් වුනා. බර අඩු වීමත් සමඟ මගේ පියයුරුත් යම් මට්ටමකට අඩු වීමකට ලක් වුනා. මට නැවතත් ඒවා පෙර තිබූ ආකාරයෙන් අවශ්‍ය වුනා. මම එය නැවත ලගා කරගත් පසු මට සියලුම පුරුෂ ආකර්ශනය ලැබෙන්නට පටන් ගත්තා. මට එය හුරු පුරුදු දෙයක් වුනේ නැහැ. මම එයට තදින් බැඳුනා. පළමු වතාවට ලැබුණු ඒ වටිනාකම ප්‍රශංසාවන් හා අගය කිරිම් නැති කර ගැනීමට මම කැමති වුනේ නැහැ.

4. ඔබ රැකියාවක් කිරිමට කැමැත්තෙන් සිටි උපාධිධාරිණියකව සිටි එක්තරා අවස්ථාවක දී ඔහු සමඟ ඔබට වැඩ කළ හැකියි පැවසූ පුද්ගලයෙකු හමුවුනා. පැහැදිලිවම ඔහු පවසන්නට ඇති ඒ නිල් චිත්‍රපට කර්මාන්තය බව. ඔබ තුළ ඇති කුමක් නිසා ඉන් පලා නොයා සිටියා හා ඒ සමඟ සම්බන්ධ වූවා කියාද ඔබ සිතන්නේ?

★ ඇත්තෙන්ම, එය එහෙම නෙවෙයි. නිකන්ම, "ඔයා නිල් චිත්‍රපටයක රගපාන්න එනවද..?" අහනවා වගේ යමක් නෙවෙයි. "ඔයා ලස්සනයි.. ඔයා මොඩ්ලින්ග් කරන්න කැමති නැද්ද..? ඔයාට ලස්සන ඇඟක් තියෙනවා.. ඔයාට හොඳ නියුඩ් මොඩ්ලර් කෙනෙක් වෙන්න පුලුවන් වෙයි...." වගේ යමකුයි සිදු වෙන්නේ.
මම පළමු වර ගියේ මයාමි වල තිබුණු ස්ටූඩියෝවකට. එය අපිරිසිදු හෝ මට අපහසුතාවටක් ගෙන දෙන තැනක් වුනේ නැහැ. ඒක පවුලේ ඡායාරුප වලින් සරසා තිබුණු ඉතාමත් අලංකාර තැනක්. ගෞරවනීය තැනක්. එහි සිටි හැම කෙනෙක්ම ඉතාමත් ප්‍රියමනාපයි. මම පළමු වතාවේ ගිය විටම නිල්චිත්‍රපටයක රඟ දැක්වූවේ නැහැ. පළමු වතාවේදී ඔවුන් ඇසුවේ "ඔයා මේක කරන්න කැමතිද..? ඔයාට මේක කරන්න ඕනද..? ලියකියවිලි බලන්න.." වගේ කටයුතු කිහිපයක්. මම නිල් චිත්‍රපටයක රඟ දැක්වූවේ දෙවන අවස්ථාවේදීයි.

5. එදා සිට ඔබ කිසිවක් නොදන්නා තරුණියන් ඩැහැ ගන්නා පුද්ගලයන් ගැන කතා කරනවා. එදා සිටි 21 හැවිරිදි තරුණ ඔබ දෙස ආපසු හැරී බලන විට ඔබට ඇය අන් අය විසින් පාවිච්චි කරන ලද ගොදුරක් වූ බව දැනෙනවා ද?

★ මම හිතන්නේ ඇයට ඇයගෙන් ප්‍රයෝජන ගන්නා බව හඳුනා ගැනීමට හෝ ඇයට මුලාවන බව හඳුනාගැනීමට අවශ්‍ය කළ මෙවලම් ඇය ළඟ තිබුණේ නැහැ. විටෙක එතරම් බොරු නොවන්නත් පුලුවන්. නමුත් ඔවුන්ට අවශ්‍ය දේ සිදු කිරීමට හැකිවන ආකාරයට මාව හැසිරවීම උත්සාහ කිරීම හඳුනා ගැනීමට ඇයට අවශ්‍ය මෙවලම් තිබුණේ නැහැ. මම මාව ගොදුරක් ලෙස දකින්නේ නැහැ. මම ඒ වචනයට කැමැත්තක් නෑ. අපහසු තීරණ වුනත් මා සම්බන්ධ තීරණ ගත්තේ මම. ඔවුන් ප්‍රවේශ වෙලා හිටියත් කාන්තාවන් ප්‍රවේශ වන ආකාරයේ වෙනසක් සිදුවිය යුතුයි කියලයි මම හිතන්නේ.

6. නිල් චිත්‍රපටකරණය කියන්නේ කර්මාන්තයක්. එය බිලියන ගණන් ආදායම් ලබන කර්මාන්තයක්. එහි සිටින්නේ ලිංගික ක්‍රියාකාරකම් කැමරාවක් ඉදිරියේ රඟ දැක්වීම සඳහා සම්බන්ධ කරගත් හා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළ කාන්තාවන් සහ පුරුෂයන්. අප දන්නවා නිල් චිත්‍රපටයක් හෝ වීඩියෝවක් සිය දහස් වතාවක් නරඹනවා. වීව්ස් ලබා ගන්නවා. එසේ නම්, එවන් චිත්‍රපටයක් හෝ වීඩියෝවක් නිර්මාණය කිරීමේ දී එම ඒජන්සිය විසින් කොපමණ මට්ටමක පාලනයක් සිදු කරනු ලබනවා ද?

★කිසිදු පාලනයක් සිදු කරන්නේ නැහැ. ඉතාමත් අඩුයි. ඇඳුමක් තෝරගන්න හා බෑ කියනවට වඩා යමක් නෑ. චිත්‍රපටයේ තේමාව තෝරා ගැනීම, අන්තර්ගතය, එය රූගත කරන ස්ථානය ගැන සඳහන් කිරීම හැර ඊට එහා යමින් පාලනයක් සිදු කරන්නේ නැහැ.

7. ඔබෙන් ඇසුවොත් ඔබ කිරීමට අකමැති වන ආකාරයේ ලිංගික හැසිරීමක් සහිත රංගනයක් කිරීමට ඇසුවහොත්?

★ නෑ. ඔවුන් ඔබව පොළඹවන්නේ නැහැ. කොහෙත්ම නෑ.

8. ඔබ අරාබියෙන් පැමිණි අයෙක්. ඔබේ දෙමාපියන් ලෙබනනයේ. ඔබ ඉපදී හැදී වැඩුනේ ලෙබනනයේ. අරාබි සංස්කෘතිය ඉතාමත් සම්පාදායිකයි. මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වීමත් සමඟ එය ඔබට ඉවත් කිරිමට සිදුවූ ලේයරයක් ද?

★ ඔව්. ඇත්තෙන්ම. මම හිතන්නේ එක එක්තරා ආකාරයක කැරැල්ලක්, සීමාවෙන් එහා යමක් කරන්නට අවශ්‍ය වීම, චරිතයෙන් එහා යමක් කිරිමට අවශ්‍ය වීම. මම වුවත් මා ගැන තිගැස්සීමකට ලක් වූනා.

9. මෙය මෝඩ ප්‍රශ්නයක් වෙන්නට පුලුවන්. ඔබේ පවුල මේ සම්බන්ධව කිසිවක් දැන සිටියේ නැති ද?

★ නෑ. ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් දැනගත් පසු මාව පවුලේ සම්බන්ධතාවයෙන් ඉවත් කරනු ලැබුවා. මම සම්පූර්ණයෙන්ම දුරස්ථිකරණය වුනා. ලෝකයෙන් පමණක් නොවෙයි මගේ පවුලෙන් සහ මා වටා සිටි සියලුම පුද්ගලයන්ගෙන්. මම ව්‍යාපාරයෙන් ඉවත් වූ පසුත් දැනුත් මම තනියම. මම දන්නවා සමහර අතපසුවීම් සමාව දිය නොහැකි ඒවා බව. නමුත්, කාලය සියලුම සිත් රිදවීම් සුවපත් කරනවා සහ දැන් දේවල් යහපත් වෙමින් පවතිනවා.

10. මම ඔබගෙන් මෙම කර්මාන්තයේ ක්‍රමවේදය සම්බන්ධව දැනගැනිමට කැමතයි. බලය, අධිකාරිය හා මුදල්. ඒ අනුව අපි දන්නවා කාන්තාවන් හා පුරුෂයන් මෙම ව්‍යාපාරයේ ඉදිරිපත් කරන්නන්. කාන්තාවන් මෙම ව්‍යාපාරයේ අධිකාරිමය තනතුරු වල ඉන්නවා ද?

★ ඔව්. අනිවාර්යෙන්ම. මම කාන්තා නිළධාරිණියක් සමඟ වැඩකර තිබෙනවා. ඇය බොහොම හොඳයි. ගෞරවාන්විතයි. වෘත්තීමයයි. ආයතනයේ තාක්ෂණික අංශය හා කාර්යාල පවා කාන්තාවන්ගෙන් පිරී පවතිනවා.

11. මම මෙම කර්මාන්තයේ මූල්‍යමය ස්වභාවය සම්බන්ධවත් දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම ඔබගේ හිජාබය පැළඳ කළ චිත්‍රපටයට පසුව ඔබ කාලයක් යන තුරු පෝර්න්හබ්හි නිල්චිත්‍රපට රංගන ශිල්පිනියන් අතර පළමු තැන සිටියා. ඔබට සිය දහස් සංඛ්‍යාත වීව්ස් ලැබුනා. ඔබ රංගනය කළ වීඩියෝ පට දොළහක් සඳහා ඔබට ඇමරිකානු ඩොලර් දොළොස් දහසක ගෙවීමක් ලැබුවා සහ ඔබ ඒ සඳහා මිලියන ගණන් ආදායම් ලබා දුන්නා. දැනටත් ඔවුනට ඒ වීඩියෝ මඟින් ආදායම් ලැබෙනවා. ඔබට ඒ සඳහා කුමන ආකාරයක වන්දියක් හෝ ලැබෙනවා ද?

★ නෑ.

12. ඔබ හිජාබය පැළඳ කළ රංගනය ජන කොට්ඨාසයක් ඉතාමත් කුපිත කරවන සුළුයි. ඒ රංගනය ඔබ ප්‍රතික්ෂේප නොකළේ ඇයි?

★ මම ඔවුන්ට වචනයෙන් කිව්වා ඔයාලා මාව මරවන්නයි හදන්නේ කියලා. ඔවුන් සිනහවුනා. මම එය සිදුකළේ බය සහ තැතිගැන්ම නිසා. ඔවුන් යමක් කරන්නට පෙළඹවීමක් කරන්නේ නැහැ. එසේ කළහොත් ඒක දූෂණයක්. එතන මම හිටියේ තිගැස්සීමකින්. පිරිමි නිෂ්පාදකවරුන් සිව් දෙනෙක් සිටින කාමරයක යමක් කී විට ඔවුන් සියල්ලම ඊට සිනාසෙනවා නම් එය ඔබව නැවත කතා නොකර සිටීමට ඇද දමනවා. ගිවිසුම අත්සන් කරන විටත් එහෙමයි. ආයතනයේ සභාපති සහ සියල්ලන්ම ගිවිසුම ඔබ කියවන තුරු බලා සිටිනවා. එය කියවන විට ඔබ ලියා ඇති කිසිවක් වටහාගන්නේ නැහැ. මොකද ඔබ ඉන්නේ සියල්ලන්ම ඔබ දෙස බලාසිටීමේ තිගැස්මකින්.

13. එදා එම වීඩියෝව අවසන් කළ පසු එය ව්‍යසනයක් විය හැකි බව ඔබේ සි⁣තට දැනුනේ නැද්ද?

★ පසුවදා වෙනතුරු මට එසේ යමක් දැනුනේ නැහැ. නමුත් එය මුදාහැරි පසු එය මගේ ලෝකය කඩා බිඳ දැම්මා. මොකද මම හිතුවා නිල් චිත්‍රපටයක රඟදැක්වීම කමක් නැති බව. මොකද කවුරුත් හොයන්නේ නැහැ. මම හිතුවා ගොඩක් ගැහැණු ළමුන් ලිංගික හැසිරිම් කරන අයුරු තමන්ම වීඩියෝගත කිරීම වැනි දේවල් කරනවා. ඔවුන්ව කවුරුත් හඳුනන්නේ නැහැ. ඔවුන්ගේ නම් දන්නේ නැහැ.⁣ නමුත් මෙය එසේ වුනේ නැහැ.

14. ඔබට තර්ජන ආවා?

★ ඔව්. ඔවුන් මාගේ ඡායාරූපයක් හිස ගසා දමන ඡායාරූපයක් ලෙස සංස්කරණය කර ඔබ ඊළඟට යනුවෙන් සඳහන් කර තිබුණා.

15. ඔබ කොපමණ පුද්ගල වගකීමක් ඔබ සිදු කළ දේ සඳහා ගත් බව ඔබ හිතනවා ද?

★ ඒක 100%ක්. මම තීරණය ගත්තා. අපි, අනෙකුත් ගැහැණු ළමුන් මම වැටුනු උගුලට නොවැටිය යුතුයි යන්න කියනවා. නමුත් දවස අවසානයේ එය මගේ තෝරාගැනීම යි.

16. ඔබේ මුහුණ එසේ සියල්ලන් හඳුනාගෙන තිබිය දී අවධානමක් තිබියදී ඔබ ඉතා ඉක්මනින් මෙම කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කළේ ඇයි?

★ මම ඉක්මනින් ඉවත්වුනා කියා මම කියන්නේ නැහැ. මගේ ඉවත් වීම සම්බන්ධව කුමන ආකාරයේ ප්‍රතිචාරයක් හිමිවේ දැයි මම දැන සිටියේ නැහැ. මම සියල්ලන්ටම රැස්වීමකට කතාකොට මගේ ඉවත්වීම සම්බන්ධව දැනුම් දුන්නා. ඔවුන් මා වළක්වන්නට උත්සහ කළත් මම මාගේ මානසික තත්වය හා මාගේ තත්වය සම්බන්ධව පැහැදිලි කළා.

17 .මොවුන් ඔබව මුදල් ඉපයිය හැකි යන්ත්‍රයක් ලෙස දුටුවාද?

★ සම්පූර්ණයෙන්ම.

18. කාලය ගෙවී ඇති නමුත් තවමත් යම් අප්‍රසන්න ආතතියක් ඔබ තුළ තිබෙන බව දැනෙනවාද?

★ ඔව්. මට හිතෙන්නේ එය වඩාත් දැනෙන්නේ මම ජනතාව අතරට සහ සමාජයට ගිය විටයි. මොකද මට මිනිසුන්ට මගේ රෙදිපිළි තුළින් විනිවිද දැකිය හැකි බවක් මට දැනෙනවා සහ එය මට ගැඹුරු ලැජ්ජාවක් ඇති කරනවා. මගේ පුද්ගලිකත්වය සඳහා ඇති සියළු අයිතියක්ම මට අහිමිවී ඇති බවක් දැනෙනවා. මොකද මම එක ගූගල් සෙවීමක දුරින් ඉන්නේ.

19. අන්තර්ජාලයේ ඇති එම පින්තූර, වීඩියෝ ඔබේ වුනත් ඔබේ ගැඹුරු පෞද්ගලික දේ වුනත් ඔබට ඒවා ඉවත් කළ නොහැකියි?

★ ඔව්.

20. මෙය ඔබේ කතාව වුනත් එය අනෙකුත් නිල්චිත්‍රපට රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේත් කතාව. ඔබට මේවන විට යම් ක්‍රියාකාරිණියක් ලෙස වේදිකාවක් හිටිවෙලා තියෙනවා. එහි නිල් චිත්‍රපටකරණය සම්බන්ධව මිනිසුන් බලන ආකාරය, කර්මාන්තයේ සිටින මිනිසුන්ට සලකන ආකාරය වෙනස් කිරීමත් අරමුණක් ද?

★ සියලු දෙනාම නිල් චිත්‍රපට බලනවා. මම හිතන්නේ කාන්තාවන් නිල් චිත්‍රපටකරණය සඳහා ප්‍රවේශ වන ආකාරය වෙනස් විය යුතුයි. කැමත්ත ඇති අයට පමණක් පැමිණිමට ඉඩ ලැබිය යුතුයි. පීඩනයකට ලක් නොවිය යුතුයි. ගිවිසුම් අත්සන් කිරීමේදී පවා එය තැති ගැන්මකින් තොරව සිදුකිරීමට, නිතීඥයෙකුගේ සහය ඇතුව සිදුකිරිමට ඉඩ ලැබිය යුතුයි.

21. අද වන විට තරුණ පරම්පරාව නිල්චිත්‍රපට සඳහා අනාවෘත වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

★ එය සම්බන්ධතාවලට බෙහෙවින් බලපානවා. ඒ සඳහා ඇබ්බැහි වීම බොහෝදුරට ව්‍යාප්ත වී තිබෙනවා. පිරිමින් වීඩියෝ පටවල දකින දෙය තම ජීවිතයේ සිටින කාන්තාවගෙන් බලාපොරොත්තු වෙනවා. එය යථාර්ථය නොවෙයි. කිසිවෙක් ඒ තරම් සර්ව සම්පූර්ණ වන්නේ නැහැ. කිසිවෙක් තමා ආදරය කරන කෙනෙකු සමඟ ඒ ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ.

22 .ඔබට වෙනත් ආකාරයක රැකියාවක නිරත වීමට සහ විශේෂයෙන්ම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම සඳහා කුමන තත්වයක් ද පවතින්නේ?

★ මා ගැන අසාවත් නැති පුද්ගලයෙක් හමුවීමට තරම් මම වාසනාවන්ත වුනා. මම ඔහුට මා පිළිබඳ කී පසු ඔහු එය සොයා තිබුණා. එවන් පුද්ගලයෙක් සොයාගැනීම අපහසුවුනා සහ ආදරය සඳහා සිටින අයෙක් සොයා ගැනීම අපහසු වුනා.

23. වයස අවුරුදු 21ක් වූ රැකියාවක් සොයමින් සිටියදී නාදුනන්නෙක් අහම්බෙන් රැකියාවක් යෝජනා කරනු මොහොතේ මියා කලීෆාට ඔබට කතා කළ හැකි වුවානම් 26 හැවිරිදි ඔබ අද ඇයට කුමක්ද කරන්නට කියයි ද?

★ ඔබේ අත් බෑගයේ මුගුරක් තියෙන්නේ හේතුවක් ඇතුව. එය පාවිච්චි කරන්න. දුවන්න.

සෙක්ස් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒත් ඇත්තටම සෙක්ස් අපිට සාමාන්‍යයි ද? ලංකාවට? නෑ. ලංකාවට සෙක්ස් තාම සාමාන්‍ය නෑ. ඔයාට හිතෙන්න පුලුවන් මම වැරදියි කියලා. ඒත් ලංකාවට සෙක්ස් සාමාන්‍යයිනම්, කාගෙම හරි වීඩියෝ එකක් බලන්න ලින්ක් ගන්න සෝෂල් මීඩියා වල පිඟන් අල්ලන් පෝළිමේ යයි ද? ලංකාවට නිල් චිත්‍රපට කර්මාන්තයක් ඕන ද? අපි මේ සංතෘප්ත කරගන්න හදන්නේ ඒ අඩුව ද? නිල් චිත්‍රපට කර්මාන්තය ලෝකෙ ගොඩනැගුනේ කොහොම ද? ඉතින් දිගටම "ඉතින්" කියවන්න. ඇත්ත දැනගන්න.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka