Friday, October 25, 2019

තායිලන්තයේ රජ කිරුළට ද්‍රෝහී වුණ 6 දෙනෙකුට සිදු වූ දේ


තායිලන්ත රජ කිරුළට ද්‍රෝහි වුණැයි චෝදනා ලැබ සිටින, තායිලන්ත රජ මාලිගයේ ඉහළ නිලධාරීන් හය දෙනකු වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට තායිලන්තයේ  වජිරලොන්කෝන් රජු පියවර ගෙන ඇතැයි රජ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

තනතුරුවලින් නෙරපා දැමුණු මෙම නිලධාරීන් ද වජිරලොන්කෝන් රජුගේ දෙවැනි අගමෙහෙසිය වුණු සිනිනාත් වොන්වජිරපක්ඩි සමඟ තායි රජ කිරුළට එරෙහිව කුමන්ත්‍රණය කර ඇතැයි තායිල්නත රජ මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

34 හැවිරිදි සිනිනාත් වොන්වජිරපක්ඩි, රජු විසින් නම් කර ඇත්තේ ‘රාජකීය බිරිඳ’ යනුවෙනි. පසුගිය 21 වැනිදා, රජු රාජ ආඥාවක් නිකුත් කරමින්, රාජකීය බිරිඳ’ සිනිනාත් වොන්වජිරපක්ඩිට ලබා දී තිබුණු සියලුම නිලතල සහ පදවි නාම ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ, සිනිනාත් වැරැදි සහගත අයුරින් සහ තායිලන්ත රජ කිරුළට අගෞරව වන අයුරින් හැසිරුණු බවටත් තායිලන්ත රැජිනට එරෙහිව කුමකන්ත්‍රණය කළ බවටත් චෝදනා නගමිනි.

තායිලන්ත ‘රැජින’ යනුවෙන් රජු විසින් නම් කරනු ලැබ ඇත්තේ, 41 හැවිරිදි සුතිදාය. මැය ගුවන් සේවිකාවක ලෙස රැකියාව කළ තැනැත්තියකි. වජිරලොන්කෝන් රජු, 34 හැවිරිදි සිනිනාත් වොන්වජිරපක්ඩි සිය ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කළේ පසුගිය ජූලි 28 වැනිදාය. ඒ, රජු සුතිදා සමඟ විවාහ වී මාස දෙකකට පසුවය.

සිනිනාත් ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කිරීම සිදුවූයේ රජුගේ 67 වැනි ජන්ම දිනයදාය. අතීතයේ තායිලන්ත රජවරුන්ට බිසෝවරුන් කිහිප දෙනකු සිටි නමුත් 1921 සිට මේ දක්වා තායි රජවරුන්ට සිටියේ එක් බිසවක් පමණි. කෙසේ නමුත් කාන්තාලෝලියකි.

තායිලන්ත රජ කිරුළට ද්‍රෝහිවීම බරපතල වරදකි. චෝදනා සම්බන්ධයෙන් සිනිනාත් හෝ සෙසු නිලධාරීන් සය දෙනා වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 15 කට වඩා වැඩි සිරදඬුවම් හිමිවනු ඇතැයි පැවැසෙයි.
under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka