රුපියල් කෝටි හාර සියයක් බවට ඇස්තමේන්තු කර තිබූ ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල කෝටි පන්සියය ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
ඊට හේතුව අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව දිගුවීම සහ තවත් කරුණු කිහිපයක් බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය දීර්ඝ වීම හේතුවෙන් ජනාධිපතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි ප්‍රමාණයද ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ඊට අදාළ ප්‍රවාහන කටයුතු සඳහාද අතිරේකව මුදල් වැයවනු ඇති.
මේ අතර, ඊට අදාළ අතිරේක ඡන්ද පෙට්ටි මෙරට නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
නිල ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය දිගුවීම හේතුවෙන් මෙලෙස වැඩිපුර ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය වූ බවයි මැතිවරණ කොමිසමේ එම උසස් නිලධාරියා සඳහන් කළේ.