Tuesday, October 29, 2019

නිවසින් ගිය සැමියා සොයාගන්න මන්ත්‍ර බලයේ පිහිට පැතූ කාන්තාවකට දින තුනක් කාම සූත්‍රයෙන් පිළිවෙත් කරපු 73 හැවිරිදි කපුවාට වැඩ වැරදුනු හැටි

හැරගිය අය ආපසු ගෙන්වා දීම, දරුඵල නොමැති කාන්තාවන්ට දරු ඵල ලබාදීම, කඩවූ ප්‍රේම සම්බන්ධතා නැවත ගොඩනැගීම ආදී සියලූ දේ මන්ත්‍ර බලයෙන් සාර්ථකව කරදෙන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සහ ඒ මුවාවෙන් කාන්තාවන් දූෂණය කරන ලද කපුවෙකු ලබන මස 4වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දුනී විජේසේකර මහත්මිය නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඞ් කරනු ලැබුවේ ඔවිලාන ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන ගිය 73 හැවිරිදි තිදරු පියෙක්.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කපුවා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හතළිස් දෙහැවිරිදි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා මෙයට ටික දිනකට පෙර නිවසින් බැහැරව ගොස්
ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණි නිසා ඇය මහත් අසහනයට පත්ව සිටියදී කරාපිටිය රෝහලට පැමිණ ආපසු යනවිට ඔවිලාන හන්දියේ කඩකාමරයක සවිකර තිබු දැන්වීමක් දැක තිබෙනවා.

හැරගිය අය සති දෙකක් ඇතුළත ආපසු ගෙන්වා දෙන බව එම දැන්වීමේ තිබු නිසා ඇය එහි පැමිණ කපුවාට තම දුක්ගැනවිල්ල පවසා ඇති අතර එවිට කපුවා පවසා ඇත්තේ ඒ සඳහා දින තුනක් කාම සූත්‍රයෙන් පිළිවෙත් කළ යුතු බවයි.

පිළිවෙත් සඳහා රුපියල් තිස් දහසක් අවශ්‍ය බවත් දින තුනක් ඇඳ සිටි ඇඳුම ද රැගෙන දැන්වූ විට පැමිණෙන ලෙසත් පවසා තිබෙනවා. එහිදි ඇය තමා සන්තකයේ තිබු රුපියල් දහතුන් දහසක්ද කපුවාට පූජා කර ඇති අතර කපුවා ඇයගේ ජංගම දුරකතන අංකයද ඉල්ලාගෙන ඇත.

ඉන්දින කිහිපයකට පසුව ඇයට දුර කතනයෙන් කතාකළ සැකකාර කපුවා ඇය ඇඳ සිටි යට ඇඳුම් ඇතුලූ ඇඳුම්ද පොරවන ලද රෙද්දද රැගෙන සවස හයට පමණ එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය ඇඳුම්ද රැගෙන පැමිණි අවස්ථාවේ කපුවා දේවලයේ දොර වසා ඇය ගෙනෙන ලද යට ඇඳුම් ඇඳගෙන ඇඳේ හාන්සි වී කාම සූත්‍රය ජප කිරීමට පටන්ගෙන ඇති අතර දෙවියන් වහන්සේගේ අණ පරිදි ඇයද අසලින් වාඩි කරවාගෙන තිබෙනවා.

ටික වේලාවකදී ඔහු පවසා ඇත්තේ ඇයගේ සැමියා තමාට ආරූඩ වී සිටින බවයි. එනිසා දෙවියන්ගේ අණ පරිදි කපුවා කියන ලෙස ඔහු සමග හැසිරීමට ඇයට සිදුව ඇත.

සැමියා ගෙන්වා ගැනීමට තිබු අවශ්‍යතාව නිසාම ඇයද දෙවියන්ගේ කැමැත්තට ඉඩදී සියල්ල ඉවසාදරා ගෙන සිට ඇත. මේ අයුරින් දින තුනක්ම දෙවියන්ගේ අණට කීකරු උනත් සැමියා ආපසු නොපැමිණි නිසා ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මකවු පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරු ආරූඩවී කාන්තාව බියට පත්කොට ඇයගේ කැමැත්ත ලබාගෙන දූෂණය කර ඇති බවයි.

වඳුරඹ පොලිසියේ බුද්ධි නිලධාරින්වන උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් අමරවර්ධන (52288) යන මහත්වරුන්ගේ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් ප්‍රියන්ත (2597), කොස්තාපල් විජේසිංහ (72882) යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
 

Under the courtesy of Divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka