තමිල්නාඩුවේ ටි‍්‍රචි හි නඩුකට්ටුපත්ති ප්‍රදේශයේ අත්හැර දැමූ ගැඹුරු ළිඳකට වැටී දින 3කට පසු මිය ගිය අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ අවසන් කටයුතු අද උදෑසන සිදුකෙරුණා.
දරුවාගේ උපන් ගම වූ මලයියාදිපති හි ෆාතිමා පුදුර් සුසාන භූමියේ අද උදෑසන 8ට පමණ එම අවසන් කටයුතු සිදුකෙරුණේ සුජිත් විල්සන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.
කතෝලික ආගමික වතාවත් වලට අනුව එම අවමංගල්‍ය උත්සවය පැවති අතර, සුජිත් විල්සන්ගේ ගම්මානයේ පමණක් නොව අසල්වැසි ගම්මාන රැසක ජනයා සුසාන භූමිය වෙත පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
කතෝලික ආගමික වතාවත් වලට අනුව එම අවමංගල්‍ය උත්සවය පැවති අතර, සුජිත් විල්සන්ගේ ගම්මානයේ පමණක් නොව අසල්වැසි ගම්මාන රැසක ජනයා සුසාන භූමිය වෙත පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
දරුවා මුදාගැනීමට තිබූ මුල් අවස්ථා වැරදි ප්‍රවේශයන් හේතුවෙන් අහිමිවූ බවට චෝදනා නැගෙනවා.
හිටපු ජනාධිපති අබ්දුල් කලාම්ගේ උපදේශකයෙකු වන පොන්රාජ් කියා සිටියේ රජය විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරව දරුවා මුදාගැනීමට දැඩි වෙහෙසක් දරා ඇති බවයි.
ඔවුන් නිසි සැළසුමක් සහිතව මෙහෙයුම ක්‍රියාත්මක කළේ නම් දරුවා බේරාගැනීමට හැකිව තිබූ බව
පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ නිවස අසළ සෙල්ලම් කරමින් සිටියදී මෙම දරුවා නළ ළිඳට වැටුණු අතර, මුලින් ඔහු සිරවී සිටියේ අඩි 26 ක් පමණ ගැඹුරින්.
එහිදී තමිල්නාඩුවේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කඹ සහ රොබෝ අතක් භාවිතයෙන් දරුවා ගොඩගැනීමට උත්සාහ කිරීමත් සමඟයි ඔහු අඩි 88 ක් පමණ ප්‍රපාතයට වැටී ඇත්තේ.දරුවා මුදාගැනීමට ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ සහය ලබා ගැනුනේ එම උත්සාහයන්ගෙන් අනතුරුවයි.