Monday, October 14, 2019

පොලිස් අණ නොතකා ගිය බස් එක මීටර් 300ක් ගිහින් මගිනුයි කොන්දොස්තරයි දාලා රියදුරු පැනලා

කොළඹ සිට කතරගම දක්වා ධාවනය වු බස් රථයක් 14 දා බේරුවලදි නවත්වන ලෙස පොලිස් නිළධාරි කල අණ නොතකා මිටර් 300 ක් පමණ ගොස් නවතා මගින් 60 දෙනෙක් සහ කොන්දොස්තර වරයා දමා පලාගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ පලාගොස් ඇත්තේ කටුබැද්ද ඩිපෝවට අයත් කොළඹ සිට කතරගම දක්වා ධාවනය වු  කදිරපුර වාසනා නමින් හැදින්වෙන ශී‍්‍රලංගම ට අයත් බස් රථයේ රියදුරෙක් බවයි පොලිසිය පවසන්නේ.

රියදුරු පලායන මොහොතේ මගින් 60 දෙනෙක් බස් රථයේ සිට ඇති අතර මගින් 45 දෙනෙක්ම
කතරගම දක්වා ගමන් කිරිමට නියමිත බැවි පොලිස් නිලධාරියෙක් පැවසිය.

කතරගම දක්වා ගමන් කිරිමට පානදුරින් බස් රථයට නැග තිබෙන එන්.කේ. විමලසිරි (58) යන අය පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ රියදුරු පානදුර සිට බේරුවල දක්වා මාර්ග නිති උල්ලංගණය කරමින් ඉතා අපරික්‍ෂාකාරි ලෙස රථය පැදවු බවත් මගි ජිවිත බිල්ලට දෙන මෙවැනි රියදුරන්ට නිසි දඩුවම් ලබාදිම සදහා ගමන අතරමත නවතා පැමිණිලි කල බවයි.

බස් රථය අපරික්‍ෂාකාරි ලෙස ධාවනය කරනු නිරික්‍ෂණය කල බේරුවල රථවාහන අංශ පොලිස් නිළධාරින් බසය නවත්වන ලෙස අණකලද රථය මිටර් 300 ක් පමණ දුරට ගොස් බේරුවල නගර මධ්‍යයේ නවතා ඇති බවත් පොලිස් නිළධාරියෙක් පැවසිය.

පසුව කොන්දොස්තරවරයා සහ මගින් බසයෙන් බසින අතරතුර ඒ අතරින් සැගව රියදුරු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.

බස් රථය පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් භාරයේ රදවා ගෙන තිබු බවත් ඉන්පසු රියදුරු පොලිසියට භාරවි ඇති බවත් පොලිසිය කියයි.

මේ වනවිට රියදුරුගේ රියදුරු බලපත‍්‍රය අහංගම පොලිසිය භාරයේ තිබෙන බවත් තාවකාලික බලපත‍්‍ර දෙකක් පානදුර සහ මාතර පොලිසි වෙතින් ලබාදි ඇති බවත් පරික්‍ෂණ පවත්වන නිළධාරියෙක් පැවසිය.

රියදුරු ඇඹිලිපිටිය ඇතිමලේ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් සේවාකාලය අවුරුදු පහකට අඩු බවත් පැවසේ.

මේ පිළිබද කටුබැද්ද ඩිපෝෙවි නිළධාරියෙක් ප‍්‍රකාශ කරමින් කියා ඇත්තේ රියදුරුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනිමට වහා පියවර ගන්නා බවයි.

රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කලූතර ගරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ජනක විතානගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් පරීක්‍ෂක සනත් කුමාර රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක අජිත් ජයලාල් පොලිස් කොස්තාපල් සුමිත් (62692) යන මහත්වරුන් පරික්‍ෂණ පවත්වති.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka