Thursday, October 17, 2019

3 ශ්‍රේණියේ සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට විදුහලේ ගුරුවරයා අමානුෂික ලෙස පොල්ලකින් ගහලා

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 11 වැනිදා එම විදුහලේ ගුරුවරයකු විසින් සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ට ද ඒ පිළිබඳව නොකියා පාසල් නොගොස්
අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිටීම පිළිබඳව සැක සිතූ එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසා ඇත.

සොහොයුරා ඇඳ සිටි කමිසය ගලවා තමන්ට විදුහලේ ගුරුවරයකු පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බවත් පැවසුවේ යැයි එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් පවසා තිබෙනවා.

හැටන් ඩන්බාර් වීදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුළී වැඩ කරමින් තම දරුවන් රැක බලා ගනී. මොහු පාසලේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉතා දක්ෂ සිසුවකු බවත්, එම සිසුවා චිත්‍ර ඇඳීමට දැඩි උනන්දුවක් දක්වන බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.

පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි පාසල් සිසුවා පියා විසින් 15 වැනිදා රාත්‍රී දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දික්ඔය මූලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ සිසුවාට පහර දීම නිසා ශරීරයේ ස්ථාන 8ක පමණ තැලීම් සහ තුවාල සිදු වී ඇති බවයි.

මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියක් පවසා ඇත්තේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදීම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවකු බවයි.

නුවරඑළිය නාලක රත්නායක - දිවයින 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka