Saturday, October 12, 2019

15 හැවිරිදි ශිෂ්‍යයා ලිංගික වැඩවලට පොළඹවා ගත් ගුරුවරිය අත්අඩංගුවට

අවුරුදු පහළොවක් වයසැති තම පාසලේ ශිෂ්‍යයකු  ලිංගික කටයුතුවලට යොමුකර ගත් පාසල් ගුරුවරියක 8දා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පාසලක සේවය කරන මොනරාගල පදිංචි හතලිස්එක් හැවිරිදි ගුරුවරියක වන දෙදරු මවකි.

ඇය තම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයා ගුරුවරියගේ නිවසට ගෙන්වා ගෙන ලිංගිකව හැසිරී ඇත.

තම දරුවා ගුරුවරියගේ නිවසට යාමත් ගුරුවරිය නිතරම දුරකථනයෙන් කථා කිරීමත් පිළිබඳව ශිෂ්‍යාගේ මවට සැකයක් මතුවී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස් පණිවිඩ පරීක්ෂා කිරීමේදී තම
පුතා ගුරුවරිය සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව මොනරාගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගුරුවරිය සමග සිසුවා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ශිෂ්‍යයා පොළඹගෙන ඇත්තේ අකමැත්තෙන් බවත් හෙළිවී තිබේ.

මාස තුනකට ආසන්න කාලයක් ගුරුවරිය සිසුවා පොළඹවා ගෙන තිබේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ශිෂ්‍යයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් ගුරුවරිය ඊයේ (9) මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
දිවයින

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka