Friday, October 25, 2019

මිතුරාගේ පෙම්වතිය බේරගන්න ගිය රුක්ෂාන්, පිහි ඇනුමකින් පහර කා අවසන් ගමන් යයි - ඝාතනය සිදු කළ පාසල් සිසුවකු ඇතුළු 10 දෙනෙක් පොලිස් දැලේ

ප්‍රේම සබඳතාවක් මුල්කරගෙන තරුණයන් පිරිසක් තවත් තරුණයකුට ඊයේ (23දා) අලුයම පන්නිපිටිය, දෙපානම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට දී පහරදී පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පන්නිපිටිය, දෙපානම, බොරැල්ල පාර, අංක 59/5 ලිපිනයේ පදිංචිව සිටි රුසික රුක්ෂාන් 18 තරුණයායි.

එම ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු ඇතුළු තරුණයන් දසදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරුට මීට දින කිහිපයකට ඉහතදී ඝාතනයට
ලක් වූ තරුණයා විසින් කළ පහරදීමකට පළිගැනීමක් ලෙස මෙලෙස පහරදී පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මිතුරකු ඔහුගේ පෙම්වතියව අධ්‍යාපන ආයතනයේ පන්තිය රාත්‍රි එකොළහට නිම වීමෙන් පසු රැගෙන යෑම සදහා පැමිණි අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දසදෙනා එම තරුණයාට පහරදී ඔහුගේ පෙම්වතියට එම ස්ථානයෙන් පිටවීමට ඉඩ නොදී ග්‍රහණයට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

පහර කෑ තරුණයා ඒ බව ඝාතනයට ලක්වූ තරුණයාට පැවැසීමෙන් පසු ඔහු එම ස්ථානයට පැමිණීමත් සමඟ ඔහුවද වටකරගත් තරුණයන් පිරිස ඔහුටද හොඳහැටි පහරදී ඇති අතර ප්‍රධාන සැකකරු සඟවා ගෙන සිටි උල් පිහියෙන් තරුණයාගේ පපු පෙදෙසට ඇන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

බරපතළ තුවාල ලබාසිටි තරුණයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ විමර්ශන පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පවත්වනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස් 18 හා 21 සීමාවට අයත් බවත් මහරගම, පන්නිපිටිය හා දෙපානම පදිංචිකරුවන්.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka