Saturday, October 12, 2019

දින 06 ක් අතුරුදහන් වූ පාසල් ගුරුවරියගේ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි

දින 6 ක් තිස්සේ අතුරුදන්ව සිටි හැටන් ශ‍්‍රී පාද විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි තරුණියගේ සිරුර මහවැලි ගඟේ කිලෝ මීටර් 40 ක් පමණ දුර ගසාගෙන ගොස් වික්ටෝරියා ජලාශයේ රැඳී තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඇයගේ සිරුර ගොඩගැනීමෙන් පසුව ඊයේ (08) දෙමාපියන් සහ ඥාතීන් විසින් ඇයව හඳුනාගෙන තිබෙනවා.

ඇය සේවය කරන හැටන් ශ‍්‍රී පාද විද්‍යාලයේ සිට කිලෝමීටර් 60 ක් පමණ දුර ගෙවා නිවසට එමින් සිට ඇති අතර නිවසට මීටර් 100 ක් පමණ ආසන්නයේදී මෙසේ අතුරුදහන්ව තිබෙනවා. නිවස ආසන්නයේ ඇති අධ්‍යාපන ආයතනයක සිසිටීවි කැමරාවක ඇය පැමිණෙන අයුරු සටහන්ව තිබීම නිසා මේ බව තහවුරු වී ඇති අතර ඇය මෙලෙස මරණයට පත්වුනේ කෙසේද යන්න පිළිබඳව තවමත් අබිරහසක්.
ඇයගේ අතුරුදහන් වීමත් සමඟ ගම්වාසීන් සහ පොලිසිය එක්ව ඇය ගමන්ගත් මාර්ගයේ කාණුවල සහ කැලෑ රොදවල්ද පරීක්‍ෂා කර බැලුවද ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වී තිබූ අතර පැතිර ගිය විවිද කටකතා ඔස්සේ පොලිස් පරීක්ෂණද ආරම්භ කර තිබුනා.

මේ අතර මහවැලි ගඟ දිගේ කාන්තා මළ සිරුරක් ගසාගෙන යන බවට තොරතුරු ලැබී තිබූ අතර එය මහනුවර කටුගස්තොට ලේවැල්ල ආදී ප‍්‍රදේශවලදී දැක ඇති අතර පොල්ගොල්ල ජලාශයෙන් පහළට වැටුණ බවද හෙළි වී තිබුණා. පසුව පසුගිය 07 වනදා මෙසේ ගසා ගෙන ගිය කාන්තා මළ සිරුර වික්ටෝරියා ජලාශය හා මහවැලි ගඟ යා වන ස්ථානයේ රැඳී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය ක‍්‍රියාත්මක වී ප‍්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව රාත‍්‍රියේම එම සිරුර ගොඩගෙන තිබුනා. ඉන් අනතුරුවයි එම සිරුර අතුරුදන් වූ ගුරුවරියගේ බවට හඳුනා ගනු ලැබුවේ.

මේ අතර මෙම තරුණිය නුදුරු දිනකදී පොලිස් නිළධාරියෙකු සමඟ විවාහ ගිවිස ගැනීමටද සූදානම්ව සිට තිබෙනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka