ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය තරුවක්ව සිටියා. එදා එම ජනප්‍රියත්වය අදටත් එලෙසින්ම රඳවා තබා ගැනීමටත් ඔහු සමත්ව සිටිනවා. ඉතින් හැමදාම ඇත්ත ඇති සැටියෙන් දකින, කතාකරන මේ ප්‍රවීණ කලාකරුවා මේ දවස්වල ඉන්නෙ ටිකක් විතර කැළඹීමකින්. ඒ ගැන දැනගන්නටත්, නව වසරට සුබ පතන්නටත් කතාකළ විට ඔහු කීවේ මෙවැනි කතාවක්. ‘‘ ගතවු වසරේ නම් මට දැනෙන සහ තේරෙන විදිහට කලාව තුළ ප්‍රගතියක් දකින්න ලැබුණේ නෑ. කලාව පමණක් නෙමෙයි අනෙකුත් ක්ෂේත්‍රයන් හිත් එවැනිම තත්වයක් තමයි දකින්න ලැබුණේ. අද දකින්න තියෙන කලා නිර්මාණ මොනවද බලන්න.
එක්කො ඉන්දියාවෙ, එහෙම නැත්නම් තුර්කියේ හෝ වෙනත් රටක නිර්මාණයක්. අපේ රටේ නිර්මාණවලට රූපවාහිනී නාළිකාවල ඉඩක් නැහැ. සිනමාවත් ඒ
වගේ තමයි. ඇතැම් ප්‍රවීණ කලාකරුවො වැඩ නැතිව හිඟන්නො වෙලා. කාටද මේව කියන්නෙ කියන එක තමයි ප්‍රශ්නය. මේව අහන්න වගකිව යුත්තෙක් නැතිවෙලා. ඉතින් නව වසරේවත් රටට , කලාවට හොඳ දෙයක් සිදුවනවා නම් හොඳයි. එහෙම නොවුණොත් අපේ රටේ කලාකරුවන්ට සිදුවනවා වෙනත් වෘත්තියක් සොයා ගන්න. නව වසරේ මගේ කලාකටයුතු ගැන කියනවානම් ‘අහස්මාලිගා ‘ටෙලිනාට්‍යයෙන් ඔබ වෙත එන්න හිතාගෙන ඉන්නවා. ඒ ඇරුණම වෙනත් නිර්මාණයක් නම් මේවන තුරු ලැබිලා නැහැ. කලාවට සුබ කලක් ලැබුවොත් අපිට හොඳ නිර්මාණ ලැබෙයි. ඒ ගැන සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එළැඹෙන නව වසර සියලුම ලක්වාසි ලෝක වාසි ජනතාවට සිතුම් පැතුම් ඉටුවන සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.