Sunday, January 6, 2019

ඉතාලියේ ශ්‍රි ලාංකික කාන්තාවක් අභිරහස් ලෙස මිය ගිහින්

ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරනු ලැබූ නිවසේදී අභිරහස් ලෙස මියගොස් සිටියදි  ඉකුත් 31 සොයාගෙන.. ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ මහවැව කොස්වාඩියේ පදිංචි උමයංගි වීරසිරි 32 නැමති කාන්තාවකි . මෙම කාන්තාව තම සැමියත් සමග නාපෝලි නගරයේ පොසිලිකෝ ප්‍රදේශයේ නිවසක නැවති සේවය කල අයෙක් බවත්  තම සේවිකාව සේවය කිරිමට නොපැමිණීම නිසා ඇය සිටි කාමරය වෙත ගිය නිවෙස් හිමි ඉතාලි ජාතික කාන්තාව  එහි එල්ලි මියගොස් සිටි ආකාරය දැක එරට පොලිසියට කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් පැමිණ මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඇගේ සැමියා මළ සිරුර සොයාගත් දින අලුයම පිට වි යන ආකාරය නිවෙස් හිමි කාන්තාව දැක ඇති අතර මේ වනවිට
එම පුද්ගලයා අතුරුදන් වි ඇති බව වාර්තා වේ .

වසර 8 ක පමණ කාලයක සිට මෙම කාන්තාව ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කරන බවත් ඉකුත් මැයි මාසයේ විවාහ වි සැමියත් සමග ඉතාලියට පසුගිය අගෝස්තු මාසයේදි ගිය බව මියගිය කාන්තාවගේ නැගණිය පවසා සිටියාය

තම සහෝදරිය ඇගේ සැමියත් සමග නාපෝලියේ එකම නිවසේ සේවය කල බවත් තම සහෝදරියගේ මරණය සිදු වු දා සිට ඇගේ සැමියා අතුරුදන් වි ඇති බව මියගිය කාන්තාවගේ නැගණිය වැඩි දුරටත් පවසා සිටියාය.

තම සහෝදරියගේ මරණය ඝාතනයක් බවට සැකකරන බව නාපෝලි නාගරික පොලිසිය පවසා සිටින බවත් වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටින බවට එරට පොලිසිය සඳහන් කරන බව මියගිය කාන්තාවගේ ඥාතින් පවසති.

නයිනමඩව -චන්දන ප්‍රනාන්දු

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka