Saturday, January 5, 2019

සෝපානේ කඩා වැටෙද්දී බිමට පැන්න රගර් ක්‍රිඩකය මරුට

කොළඹ නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයකු මිය ගොස් තිබේ. අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 
කොළඹ නවම් මාවතෙහි පිහිටි රාත්‍රී සාමාජ ශාලාවක අද(29) අළුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. එහි විදුලි සෝපානය පළමු මහලේ සිට රාත්‍රී සමාජශාලාව පිහිටි නව මහලට යාම සඳහා ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවක සෝපානය ඊට පහලින් පිහිටි බිම් මහළ වෙත පතිත වී ඇති බව පරීක්ෂණ වලින් අනාවරණ වී තිබේ.

එම අවස්ථාවේ පුද්ගලයින් 12 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විදුලි සෝපානයේ  සිට තිබේ.

සෝපානය බිමට පතිත වන අවස්ථාවේ එහි සිටි තරුණයකු ඉන් පිටතට පැනීමට උත්සාහ දරා ඇති
අතර ඔහු සෝපානයත් බිත්තියත් අතරට ඇද වැටී එතුළ සිර වීමෙන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස අනතුරෙන් මිය ගියේ තලංගම උතුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කෝකිල සම්මන්දපෙරුම නැමැති විසිපස් හැවිරිදි තරුණයෙකි.

ඔහු සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය සතියේ නිමා වූ ලීග් රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර තිබුණි.

අනතුරෙන් විදුලි සෝපානයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේවන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. අනෙක් පුද්ගලයාගේ පාදවලට එහිදී තුවාල සිදුවී ඇති අතර ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් කළේය.

විදුලි සෝපානය මෙලෙස බිමට පතිතවීම සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පොලීසිය මේ වන විටත් පියවර ගෙන තිබේ.

එහි නිගමනය අනුව ඉදිරි විමර්ශන සිදු කරන බව කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කළේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka