Monday, January 21, 2019

නයිනමඩමේ මාරක අනතුරින් හයක් මරුට...3කට තුවාල

කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඔය පාලම අසලදී ඊයේ (20 දා) අලූයම 3.00 ට පමණ සුඛෝපභෝගී මෝටර් රථයක් මාළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින්
මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් හය දෙනකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මියගොස් ඇති පිරිස වයික්කාල ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත නිවෙස් කරා යමින් සිටියදී අනතුරට ලක්වී ඇත.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රියේ නව දෙනකු ගමන් කර ඇති අතර හය දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත. තවත් තිදෙනකු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන් දෙදෙනකුගේ තත්ත්වය

බරපතළ බැවින් මීගමුව මහ රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම මෝටර් රථයේ තිබී ඉතාලියේ නිෂ්පාදිත මි. මී. 9 වර්ගයේ පිස්තෝලයක් හා එයට භාවිත කරන උණ්ඩ 8 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෝටර් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවත් වේගය පාලනය කළ නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව කොළින්ජාඩිය හා උල්හිටියාව ප‍්‍රදේශවල පදිංචි ප‍්‍රදීප් ලෝව්, සුරංග සම්පත්, සංජීව ප‍්‍රනාන්දු, ජනිත් ප‍්‍රනාන්දු, මංජු ප‍්‍රනාන්දු බණ්ඩාර සහ රෝහණ සෙනෙවිරත්න යන මිතුරන් පිරිසක් බවට අනාවරණය වී ඇත. මොවුන් අවුරුදු 24 - 36 ත් වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි.

ගාල්ලේ සිට හලාවතට මාළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරිය අනතුරත් සමග පාලමේ ආරක්‍ෂක බැම්මක වැදී නතර වී තිබූ අතර මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී ඇත.

වෙන්නප්පුව වැඩබලන සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රිනික ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka