Sunday, January 20, 2019

11 හැවිරිදි දරුවා බැනරයක් අන්දවා ගන්නැයි කියා ඉරිදා දිනයක පාසලට ගෙන්වා බරපතළ ලිංගික අතවර කළ 56 හැවිරිදි විදුහල්පති හිරේ;

11 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ විදුහල්පතිවරයකු චෝදනාවට වරදකරු බවට තීරණය කළ රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 10 ක සිරදඬුවමක් රුපියල් 15000 ක දඩයක් සහ වින්දිත සිසුවාට රුපියල් 150,000 ක වන්දියක් ගෙවීමට ද (17 දා* නියම කළේය.

 දඬුවම් නියම වූයේ බලංගොඩ පදිංචි දෙහෙරගොඩගේ නිමල් දෙහෙරගොඩ නමැති 56 හැවිරිදි පුද්ගලයකුටය.

 විත්තිකරු චෝදනාවට නිවැරදිකරු බවට පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාග කරනු ලැබීය. විත්තිකරු ශිෂ්‍යයාගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගෙන සිටි බවත් විත්තිකරුගේ පුහුණු
කිරීම් මත ළමයා කී‍්‍රඩා තරග රැසක් ජයග‍්‍රහණය කර තිබූ බවත් නඩුවේදී කියවිනි.

 සිද්ධිය වූ දිනයේ වින්දිත ළමයාගේ නිවසට ගොස් ඇති විත්තිකරු කී‍්‍රඩා තරගයකින් ජයග‍්‍රහණයක් ලබා ඇති පාසලේ ශිෂ්‍යාවකට සුබ පතා බැනරයක් අන්දවා ගැනීම සඳහා එම ළමයා පාසලට (ඉරිදා දිනයක) කැඳවාගෙන යෑමට මවගේ අවසරය ඉල්ලා ඇත. මව ද අවසරය දී ඇත. විත්තිකරු ළමයා කැටුව පාසලට ගොස් විදුහල්පති කාමරයටත්, ඊට එහායින් තිබූ තවත් කාමරයකටත් ළමයා රැුගෙන ගොස් අතවර කර තිබේ.

 සිද්ධිය ළමයා සිය මවට එදිනම පවසා ඇත. මව ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය වන අවස්ථාවේ විත්තිකරු උප ගුරුවරයකු ලෙස කටයුතු කර ඇත.

 විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා ඔහුට දඬුවම් නියම කිරීමට පෙර යම් සඳහනක් කිරීමට ඇත්නම් එය ප‍්‍රකාශ කරන ලෙසට පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතාට නියම කරන ලදී. හෙතෙම පැවසුවේ දරුවකු වැඩි කාලයක් ගත කරන්නේ දෙමාපියන් සමග නොව ගුරුවරුන් සමඟ බවය. එබැවින් නෑකමටත් වඩා ගුරුකම ශ්‍රේෂ්ඨ නිසා දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාවත් සුරක්ෂිත භාවයත් බලාපොරොත්තුවෙන් දරුවාට යහපත් අධ්‍යාපනයක්් ලබාදී ඔහුගේ බලාපොරොත්තු සාක්ෂාත් කරවීම සඳහා තම දරුවා පාසලට භාරදී තිබියදී ඔහුට මෙවැනි තුච්ඡ අපරාධයක් සිදු කළ විත්තිකරු සමාජයෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු යැයි ද පැවසීය.

 අනාගතයේදී කිසිම ගුරුවරයකු තමා සුරක්ෂිත කළ යුතු දරුවෙකුට මෙවැනි අපයෝජනයක් සිදු කිරීමට නොසිතෙන ආකාරයෙන්, සමාජයට ද යම් පණිවිඩයක් ලැබෙන ආකාරයෙන් මෙම විත්තිකරුට හැකි ඉහළම ආකාරයෙන් දඬුවම් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

 විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. පී. සේනාරත්න මහතා අදහස් දක්වමින් විත්තිකරුගේ මඟ පෙන්වීම ඔස්සේ වින්දිත දරුවා ජයග‍්‍රහණ ගණනාවක්ම ලබා ඇති බවත් පාසල් දරුවන්ට ඔහුගෙන් සිදු වී ඇති සේවය ඉමහත් බවත් ඒ ගැන සලකා බලා විත්තිකරුට දිය හැකි ලිහිල්ම දඬුවම නියම කරන ලෙසට ඉල්ලීමක් කළේය.

 විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් පැවසුවේ දෙමාපියන්ගේත්, දරුවාගේත් විශ්වාසය කඩ කළ ගුරුවරයා කර ඇති වරද ශිෂ්ට සමාජය කිසිසේත් අනුමත නොකරන්නක් බවය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka