Monday, October 1, 2018

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරයක් අතරතුරදී ඔහු මිය ගොස් ඇත්තේ හදිසියේ අති වූ හෘදයාබාදයකින් හේතුවෙනි. ඔහු ගිය සෙනසුරාදා දිනයේ පර්ත් හි පැවති සංගීත ප‍්‍රසංගයක් සදහා ගායන ශිල්පිනී මරියසෙල් ගුනතිලක මහත්මියද සමඟින් සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ මෙරටට ඒමට නියමිතව සිටි ඇත.

අනපේක්ෂිත ලෙස ඕස්ට්‍රේලියාවේදී දිවියෙන් සමුගත් රොනී ලීච් කලාකරු එසේ මියගිය ආකාරය ගැන වැඩි විස්තර මේ වනවිට අපට වාර්තාවේ.

රොනී ලීච් හා මරියෙසල් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ පර්ත්හි සංචාරයකට එක්වූයේ පසුගිය සතියේය. ඒ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කළ රාත්‍රී භෝජන සාදයක් (ඩිනර් ඩාන්ස්) සඳහාය. ඔවුන් දෙදෙනට
නවාතැන්ගන්නට සංවිධායකයින් විසින් තට්ටු නිවාස ඒකකයක් (අපාර්ට්මන්ට්) එකක් ලබාදී තිබුණ අතර රාත්‍රී භෝජන සාදයට ඔවුන් පසුගිය 29 සෙනසුරාදා එක්ව තිබුණි. එය සාර්ථක ලෙස පවත්වන්නට හැකිව තිබෙන අතර එදින බොහෝ අය මුණගැසී පැසසුම් ලබා තිබේ. පසුව ඊයේ 30 වනදාත් පර්ත් නුවරම

ඔවුන් ගතකර තිබෙන අතර එදින රාත්‍රී භෝජනය ලබාගන්නට තම නිවසට පැමිණෙන ලෙස ඔවුන්ගේ හිතවතකු කළ ඇරයුම අනුව නිවසකට ගොස් රාත්‍රී ආහාරයද ලබාගෙන නැවත වේලාසනින්ම රොනී ලීච් හා මරියසෙල් නවාතැනට පැමිණ තිබේ.

පසුදා එනම් අද (1) නැවත ලංකාවට පිටත්වීමට අවශ්‍ය නිසා සිය ගමන් මලු එකලස් කර පිළියෙල කිරීමට රොනී ලීච් එදින රැය ගත කරමින් තිබෙන අතර මරියසෙල් මහත්මිය ඇයට අයත් කාමරයේ නින්දට ගොස් ඇත.

කෙසේ වෙතත් පසුව පාන්දරට වන්නට මරියසෙල් මහත්මිය නැවත පරීක්ෂාකාරී වීමේදී රොනී ලීච් එම නිවසේ කුස්සියේ බිම වැටී සිටින අයුරු දක්නට ලැබී තිබේ. ඇය ඔහුව පරීක්ෂා කර බලන විටත් හුස්ම නොගන්නා බව පෙනී ගොස් ඇත. වහාම හදිසි ඇමතුම් ලබාගෙන ගිලන් රථයකින් රෝහලට රැගෙන ගියත් ඒ වනවිටත් රොනී ලීච් මහතා මියගොස් තිබූ බව රෝහල් වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මියයාමට හේතුව හෘදයාබාධයක් ලෙස සැලකේ. රොනී ලීච් මහතා කොලෙස්ටරෝල් අධික වීම ආදී තත්වයන්ට කලෙක සිට ප්‍රතිකාර ලබාගනිමින් සිටි අයෙකු වන නමුත් ඕස්ට්‍රෙිලියානු සංචාරයට පෙර සම්පූර්ණ ශරීර වෛද්‍ය පරීක්ෂාවක් සිදු කර තිබූ බවත් එහිදී විශේෂ රෝග තත්වයක් හඳුනාගෙන නොතිබූ බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ කීර්ති පැස්කුවල් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අපට සඳහන් කළේය. රොනී ලීච් මහතාගේ දේහය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණ එරටදී තවමත් සිද්ධවී නැති බවත් දේහය නැවත ලංකාවට ගෙන ඒම ඉදිරියේදී සිදුවුනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතා දියණීයකගේ හා පුතෙකුගේ පියෙකි. ඔහු පදිංචිව සිටියේ දෙහිවල නැදිමාලේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka