Sunday, September 30, 2018

හිතන්නෙවත් නැති වෙලාවක මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා - දමිත් අසංක වෙනුවෙන් චාමර වීරසිංහ මුහුුණු පොතට දැමූ සටහන

වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී  කලහකාරී  ලෙස හැසිරීම හේතුවෙන් ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දමිත් අසංක මෙසේ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් ඔහුට ආදරය කළ ඔහුගේ රසිකයන් මෙන්ම සහෝදර කලා ශිල්පීන් රැසක් සමාජ ජාල වෙබ් අඩවි තුළ සිය කනගාටුව සඳහන් කරමින් සටහන් පළකර තිබුණා.

මේ අතරතුර ඔහුගේ ලඟින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහද මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා. අදාළ සටහන පහතින්

උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර
ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා..

සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි..

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka