Monday, October 1, 2018

පවු‍ලේ බඩගිනි නිවන්න දෙයියෝ බුදුන් වැඳ ‍පොල් ගස් නගින පුංචි පුතා

උදෑසන අවදි වන ජානක සුදර්ශන  තම ආබාධිත මල්ලීවද  සූදානම් කර ගනිමින් පාසල වෙත යන්නේය.  බොහෝ දිනවල කහට වතුර ටිකකින් හෝ ඇල්වතුර ටිකකින්  බඩ පුරවා ගන්නා මේ අසරණ පවුල වැඩි කාලයක් ගත කරන්නේ නිරාහාරවය.බොහෝ දිනවල නිරාහාරව පාසල වෙත යන  මේ අයියා මලෝට පාස‍ලේ වැඩ කටයුතු හෝ නිසි පරිදි කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් එමටය.

පාසල ඇරී නිවසට එන ජානක හා මල්ලී මුලින්ම කුස්සිය වෙත යන්නේ කුසට යමක් දමා ගැනීමට සිතාය. බොහෝ දිනවල එම බලා‍පොරොත්තුවද සුනු විසුනුව යන අවස්ථාවන් එමය. දරුවන්ගේ මේ බිඳුණු බලා‍පොරොත්තු දෙස  සිරිපාල (පියා)  රෝගී ඇඳට වී බලා සිටින්නේ කර කියා ගැනීමට දෙයක්
නොමැති නිසාය.  ඒ අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් මුහුණ දී සිටින ඛිෙදජනක තත්ත්වයකි.

මීට වසර තුනකට පමණ පෙර සිරිපාලගේ නිවසේ  මෙවැනි අගහිඟකම් නොතිබුණි. ඔහු ගොවිතැන් කළ අතර විවේකයක් ලද සැණින් හාල් මෝ‍ලේ රැකියාවට ද ගියේය. මේ කාලය නිවසේ අගහිඟම්වලින් යාන්තම් මිදී සිටීමට හැකි වූවේය. අගහිඟකම්වලින් යාන්තම් මිදුණද සිරිපාලගේ හිසේ මහ මෙරක් ලෙස බරකට තිබුණේ තම වැඩිමහලු පුතු හා බාල පුතු මන්දබුද්ධික තත්ත්වයෙන් ඉපදුණු බැවිනි. දරුවන්ගේ රෝගී තත්ත්වය හමුවේ සිරිපාලගේ බිරිඳ සමන්තා මානසික රෝගී තත්ත්වයට පත් වූයේ බලා සිටියදීය. මේ අසරණ පවු‍ලේ සියලුම බර කර මත පටවා ගත් සිරිපාල ජීවන ගමනට මුහුණ දුන්නේය. සිරිපාල අනේක විධ බාධා මැද තම පවුල රැකීමට දහඩිය මුගුරු වැගුරුවේය. එහෙත් ඔහුට පවු‍ලේ බර ඔසවන්නට හැකි වූයේ කෙටි කාලයකි. සිරිපාලට හදිසියේ ඇති වූ කොන්දේ ආබාධයකින්  එක් තැන් වීම අසරණ පවුලට හෙණ පහරක්  වූවේය.

සිරිපාල එක් තැන් වූයෙන් අසරණ පවු‍ලේ බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදු වූයේ ජානක සුදර්ශනටය. ඔහු සුහද විද්‍යාලයේ නවවන වසරේ අධ්‍යාපන ලබන අතර පවු‍ලේ බර ද දැරීමට සිදුව ඇත්තේ ඉතාමත් ශෝචනීය ලෙසය.
ජානක තම මව පියා ඇතුළු ආබාධිත සහෝදරයින් දෙදෙනා ජීවත් කරවීමට දරන උත්සාහය  ගැන අසන්නකුගේ කම්පා නොව හදවතක් නොමැති තරම්ය.

ඔහු තම පවුල ජීවත් කරවීමට දරන උත්සාහය අපට පැවසුවේ මෙසේය.
තාත්තා එක්තැන් වුණාට පස්සේ අපි පාරට වැටුණා වගේ. හරියට කුසට කෑමක් නැහැ. ඒ නිසා නින්ද යන්නෙත් නැහැ. මම ඉස්කෝ‍ලේ යන්නේ මගේ ආබාධිත මල්ලිත් එක්කලා. ඒ යන හුඟාක් වෙලාවට බඩගින්නේ තමයි යන්නේ. මට නම් බඩගින්න දරා ගන්න පුළුවන්. ඒත් මල්ලි ගැන හරි දුකයි. ඉස්කෝ‍ලේ හුඟාක් යාළුවෝ හා ගුරුවරු අපිට උදව් කරනවා. මම ඉස්කෝ‍ලේ ඇරිලා ඇවිල්ලා ‍පොල් වළල්ලත් අරගෙන ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ‍පොල් කඩනවාද කියලා අහනවා. එක ගහට රුපියල් 100ක් ගානේ ගන්නවා. සමහර අය මට ‍පොල් ගෙඩි දෙක තුනකුත් දෙනවා. අපි ගොඩාක් වෙලාවට බඩගින්න නිවා ගන්නේ කුරුම්බා වතුර ටිකකින් හා මදවලින්. මට දුකයි අම්මා තාත්තා ගැන. තාත්තා හොඳට ඉන්න කොට අපේ බඩ කට පිරෙව්වා. එත් ඒ අය අද අසරණයි.

මම ‍පොල් ගස් නගින විට දෙයියෝ බුදුන් සිහි කරලා තමයි නගින්නේ. මගේ පවු‍ලේ අයගේ බඩගින්න නිවන්න ගන්නා උත්සාහයක් නිසා මේ වෙනකල් මට අනතුරක් වෙලා නැහැ. කොහොම හරි අපේ අසරණ පවුල ගොඩ ගන්න කවුරුන් හෝ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු පිනක්ජානක දරුවා ඒ කතාව පැවසුවේ ඇඬූ කඳුළිනි. ආබාධිත තම වැඩිමහලු සහෝදරයා හිස් අහස දෙස බලා සිටින්නේ කිසිවක් කර කියා ගැනීමට නොහැකිවය.

පාසල් යන බාල සහෝදරයාද හය වසරේ සිටිය යුතු වුවද සුහද ගම විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලබන්නේ දෙක වසරේය. කෙසේ නමුත් මේ තම පවුලට වී ඇති ඛිෙදවාචකය පිළිබඳ සිරිපාල මහතා අප හා පැවසුවේ මෙවන් අදහසකි.
මම අපේ පවුල පුළුවන් තරම් උත්සාහය දරලා ගොඩදැම්මා. ඒත් පෙර පවකට මාව එක්තැන් වුණා. මගේ දෙවනි පුතා මේ පවු‍ලේ බඩගින්න නිවන්න ගන්නා උත්සාහයට දැක්කාම මගේ බඩ පපුව පිච්චෙනවා. මගේ බේත්හේත්වලට මාසෙක රුපියල් දෙදාහක් තුන්දාහක් විතරය වැය වෙනවා. ඒකත් හොයා ගන්නේ පුදුම අමාරුවෙන්.  සමන්තාත් නිතරම ඉන්නේ ඇඬූ කඳුළින්. මගේ පුතාට මේ කරන පින්කමට මතු බුදුන් දැක නිවන් දකින්න ඕනේ. විශේෂයෙන්ම මම පින් දෙන කෙනෙකු තවත් ඉන්නවා. ඒ තමයි අපේ දුක පත්තරේට ලියලා උදව් කළ රජගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයතිලක මහත්තයා. ඒ මහත්තයා නොහිටින්න මගේ පුතා හෙටත් ‍පොල් ගස් නගිනවා.

සිරිපාල මහතා කියූ පරිදි උහන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ රජගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී. ජයතිලක මහතා විශ්‍රාමික හමුදා කෝප්‍රල්වරයෙකි. ඔහු සිය හමුදා ජීවිත තුළින් ලද ආභාසයෙන් අසරණ මිනිසුන්ට පිහිට වීමට තම ගමේ විවිධ සංවිධාන ඇති කරමින් කටයුතු කරන මහත්මා ගත් ඇති අයකු බව අප දැන ගත්තේ ගම්මුන් කීප දෙනෙකු සමග කළ කතා බහින් අනතුරුවය.

ඔහු මේ වන විට මෙම අසරණ පවුලට උදව් කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් වෙනුවෙන් උහන මහජන බැංකුවේ ගිණුමක්ද විවෘත කර ඇත. ඒ සිරිපාලගේ බිරිඳ වන සමන්තා ප්‍රියංගාගේ නමිනි. එහි ගිණුම් අංකය වන්නේ 189200130096929 ය. සිරිපාලගේ අසරණ පවුලට උදව් කිරීමට කැමැති අයෙක් සිටින්නේ නම් අදාළ ගිණුම් අංකයට මූල්‍යමය පරිත්‍යාගයන් කළ හැකිය.

මේ පවු‍ලේ ආබාධිත දරුවන් දෙදෙනා ඇතුළු ප්‍රදේශයේ ආබාධිත දරුවන් වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩ කොටසක් කිරීමට තමා බලා‍පොරොත්තු වන බව ජයතිලක මහතා සඳහන් කරන අතර 0771178622 යන ඔහුගේ දුරකථන අංකයට කථා කරමින් ආබාධිත දරුවන්ට පිහිට වීමට කැමැති අය සිටින්නේ නම් ඉදිරිපත් වන ලෙසද ඉල්ලා සිටින්නේය.

ශ්‍රියානි විජේසිංහ


Under the courtesy of rivira.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka