Sunday, September 30, 2018

ක්ලැරන්ස්ගේ ගීත විකෘති කළොත් බලාගෙනයි

ලංකාවේ කණ්ඩායම් සංගීතය ගැන කතා බහ කරද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නම කිසිසේත්ම අමතක කරන්නට බැහැ. කැලැරන්ස් ගායනා කළ සහ ඔහු විසින් සංගීතවත් කරන ලද ගීතවලට ගීත ලෝලීන්ගෙන් අදටත් ඉහළ ඉල්ලුමක් තිබෙන්නේ එම ගීතවල රැඳී තිබෙන මිහිරි බව නිසාමයි. ඒ ඉල්ලුම නිසාම, විවිධ පුද්ගලයන් විසින් ක්ලැරන්ස්ගේ ගීත අවභාවිතා කිරීම පිළිබඳ සිදුවීම් ගැනද විටින්විට අසන්නට ලැබෙනවා. ක්ලැරන්ස්ගේ ගීතවල ඇටෝර්නි භාරකරු වදිහට මේ වන විට කටයුතු කරන සුමීර ගාල්ලගේයි.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීතවල භාරකරුවා විදිහට කටයුතු කිරීමේ අයිතිය සුමීරට ලැබුණේ
කොහොමද?

ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ සහ දියණිය දැනට ඕස්ට්‍රේලියාවෙයි පදිංචි වෙලා ඉන්නේ. මේ නිසා ඔවුන්ට ඔහුගේ ගීත ගැන නිතරම සොයා බලන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ හේතුව නිසා තමයි මෑතකදී ඔවුන් නීතිමය ලියවිල්ලක් මගින් එම ගීතවල ඇටෝර්නි භාරකරු විදිහට මාව පත් කළේ.  මොකද මීට කලින් එහි භාරකාරත්වය පවරා දීපු කෙනා දැන් අසනීප තත්ත්වයෙයි ඉන්නේ. මේ අනුව, කවුරුන් හෝ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත අනවසරයෙන් භාවිතා කරනවා නම් හෝ ඒවා විකෘති කරනවා නම් හෝ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඒ ගීත සම්බන්ධයෙන් වන සියලු බලතල දැන් මාවෙත පැවරිලයි තියෙන්නේ.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත වෙනත් පාර්ශ්වයන් විසින් ප්‍රසංග ආදියට යොදාගැනීම නිසා ඔවුන්ට එරෙහිව නඩුමගට යන්න සිදුවුණු අවස්ථා පවා පසුගිය කාලයේ අපි දුටුවා. මේ තත්ත්වය යටතේ ඇතැම් විට ක්ලැරන්ස්ගේ සමීප මිතුරන්ට පවා තහංචි වැටුණා. මේ කියන අලුත්ම තත්ත්වය මොන වගේද?

ඔය කියන කතාව ඇත්තක්. පසුගිය කා‍ලේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත අනවසරයෙන් ගායනා කිරීම ආදී කාරණා මුල් කරගෙන විවිධාකාරයේ ගැටලු පැනනැගුණා. ඒ සමහර සිදුවීම් ක්ෂේත්‍රයේම අයගේ කේලාම් නිසා සිද්ධ වෙච්ච දේවල් බවයි අපට පසුව තහවුරු වුණේ. උදාහරණයක් විදිහට කීවොත්, ඇනස්ලි මා‍ලේවන වැනි ක්ලැරන්ස්ගේ ළඟින්ම හිටපු මිතුරන් සමග පවා ගැටලු ඇති වෙන්න එවැනි කේලාම් බලපෑවා කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපේ කිසිම අදහසක් නැහැ ක්ලැරන්ස්ගේ සමීපතමයන්ට ඔහුගේ ගීත ගායනා කිරීම තහනම් කරන්න. ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණා නම් අපි දැන් ඒවා සියල්ල ඉවත් කරගෙනයි තියෙන්නේ.

ඇති වූ විරසකයන් දැන් නිමාවට පත්වෙලා නිසා නේද ක්ලැරන්ස්ගේ 75 වැනි ජන්ම දින සැමරුමට ඇනස්ලි මා‍ලේවනත් එක්ව සිටියේ?

ඇත්තෙන්ම ඔව්. බත්තරමුල්‍ලේ පිහිටි ළමා හා වැඩිහිටි නිවාසයකදී තමයි 75 වැනි ජන්ම දින සැමරීම සිද්ධ වුණේ. ඇනස්ලි මා‍ලේවන මහතා වගේම තවත් කලාකරුවන් රැසක් ඒ අවස්ථාවට එක්වෙලා සිටියා.

මේරියන්ස් සංගීත කණ්ඩායම සමග මෑතකදී ඇති වූ අර්බුදයට මොකද වුණේ ?

මේරියන්ස් සංගීත කණ්ඩායම අපිව හමුවෙලා ‍පොරොන්දු වුණා අවසරයකින් තොරව නැවත ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීත ගායනා කරන්නේ නැහැ කියලා. මේ නිසා තවදුරටත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපේ අදහසක් නැහැ.

ක්ලැරන්ස්ගේ ගීත නිර්මාණ කීයක් විතර දැනට ආරක්ෂා වෙලා තියෙනවද?

මම දන්නා තරමින් ඔහුගේ ගීත 1500ක් පමණ තිබෙනවා. අපේ අයිතියට තිබෙන ගීත වගේම වෙනත් පාර්ශ්වයන්ට අයිතිය පවරා දුන් ගීතත් ඒ අතර තියෙනවා. ක්ලැරන්ස් විජේවර්ධන සූර්යා ‍ලේබලය යටතේ ගායනා කළ ගීත දැන් ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ පුත් උදේනි වික්‍රමසූරියටයි අයිති. මහරාජා ආයතනයටත් ගීත 30ක පමණ හිමිකම තිබෙනවා. අපේ අයිතියට තිබෙන ගීත වගේම ඒවාත් ආරක්ෂා වී තිබිම ගැන අපි සතුටු වෙනවා.

අවසරය ඉල්ලන ඕනෑම කෙනෙකුට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ගායනා කරන්න ඉඩ ප්‍රස්තාව ලැබෙනවා කියලා ඔබට කියන්න පුළුවන්ද?

පැරණි ගායකයන්ගේ සමහර ජනප්‍රිය නැති ගීත තියෙනවා. ඒවා ගැන ජනතාව බොහෝ වෙලාවට දැනගන්නේ සහ ඒ පැරණි ගීත සොයාගෙන රස විඳින්න පටන්ගන්නේ නව පරපුරේ කවුරුන් හෝ ඒවා ගායනා කළාමයි. මේ නිසා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත වුණත් අලුත් පරපුර විසින් ගායනා නොකළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. හැබැයි, යම් කෙනෙක් ගීතයක් ගායනා කරන්න අවසර ඉල්ලුවොත් ඔහුගේ ගායන හැකියාව ගැන තක්සේරුවක් අරගෙන මිස, ඔහුගෙන් ලැබෙන මුදලක් ගැන හිතලා කොහෙත්ම අපි ඒ අවසරය ලබා දෙන්නේ නැහැ. අනික් කාරණය තමයි, කවුරුන් හෝ අවසරයකින් තොරව මේ ගීත ගායනා කළොත් හෝ ගීත විකෘති කළොත් ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න අපි ප්‍රමාද වෙන්නේ නැති බවත් කිව යුතුමයි.

කිෂාන් කනංකෙ


under the courtesy of www.lakbima.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka