Sunday, September 30, 2018

සුනාමියෙන් ඉන්දුනීසියාවේ 1000 කට අධික සංඛ්‍යාවක් මිය යයි

මධ්‍යම ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට බලපෑ  භූ කම්පනයෙන් සහ සුනාමි ආපදාවෙන් මියගිය  සංඛ්‍යාව 1000 අධික බව විශ්වාස කරයි
එහිදී තුවාල ලැබූවන්ගෙන් රෝහල්ද පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ වෙරළබඩ ප්‍රදේශයක හටගත් මැග්නිටියුඩ් 7.5ක භූමිකම්පාවත් සමඟ දැඩි සුනාමි තත්වයක් බලපා තිබේ.

සුලවෙසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 3ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වේ.

පසුගිය මාසයේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන මාලාවක් ඇති වූ අතර,
අගෝස්තු 5දා ඇති වූ ප්‍රබලතම භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 460කට වඩා අහිමි විය.

සහන මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබුණත් සන්නිවේදනය බිඳවැටී පාලූ ප්‍රදේශය වෙත ඇතුළු වන මාර්ග අවහිර වී ඇති බව ඉන්දුනීසියානු රජය පවසයි.

මේ අතර,  මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව පැවසෙන අතරම මරණ භූ කම්පනය හේතුවෙන් සිදුවූවාද, නැත්නම් සුනාමි තත්ත්වයෙන් සිදුවූවාද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka