Friday, October 13, 2017

ජනප්‍රිය නලුවාගේ පැටිකිරිය හෙළිවෙයි - ‘‘මුන් කාලකන්නි..ටෙලිනාට්‍යක රඟපාලා මෙහෙම නම් ...‘‘ (PHOTOS)

මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක චරිතයකට පණ පොවන නලුවෙකුට එරෙහිව මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ සමන්ත කේ ගමගේ නැමැත්තාටයි.

නාවල විවෘත විශ්ව විද්‍යාලය අසළදී ඊයේ (12) සිදුවූ රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ අදාළ නලුවාගේ හැසිරීම් විලාශය පිළිබඳ සිය මුහුණුපොතේ සටහනක් තබන පැමිණිළිකරු පවසන්නේ අදාළ නලුවා එම අවස්ථාවේදී ‘‘ඇයි ගේමද‘‘ අසමින් තමාට තර්ජනාත්මක
ස්වරූපයෙන් කතා කළ බවයි.

වැරදි ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවුණ පවසන පැමිණිලිකරු ,තමා මෝටර් රථයෙන් බැස ඡායාරූප ගැනීමට යාමේදී මෙම නලුවා ඔහුගේ රථයෙන් තමාව යටකර ගෙන යාමට උත්සහ කළ බව පවසයි.

පසුව (119) පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතු පැමිණිළිකරු මේ පිළිබඳව දැනුම් දී ඇත.පසුව පොලිස් නිළධාරියෙකු එම ස්ථානයට පැමිණි බවත්, තමා අහිංසක බව පවසමින් පෙරවරු 9.30ට පමණ මිරිහාන පොලීසියට පැමිනෙන බව දන්වා පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් මොහු පොලිස් ස්ථානයට පැමිණ තිබුණේ පෙරවරු 11.40 පසුවී බව පවසන පැමිණිලිකරු නීතිඥයෙකු හා තවත් හතරදෙනෙකු ඔහු සමග පැමිණි බවද සඳහන් කරයි.

මෙහිදී විවිධ යෝජනා ගෙනෙමින්, මොටර් රථය අලුත් වැඩියා කොට දෙන්නම් යැයි මොවුන් පවසා ඇති අතර පැමිණිලිකරු ඊට එකඟ නොවී නඩු මගට එළැඹෙන බව පවසා ඇත.

එම අවස්ථාවේ "හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් " යැයි පැමිණිලිකරුට තර්ජනය කොට තිබෙන මෙම කියන නලුවා ,පසුව ඔහුට දුරකථන ඇමතුමක් මගින්ද  "මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්"  යැයි පවසමින් තර්ජයනය කර තිබේ.

මේ ඔහු මුහුණු පොතේ තැබූ සටහනයි.

නළුවන් සහ එළුවන්....එළුවෙකුත් නොව ගස් කබරයෙකි....

පරක්කු වෙනවානම් කලින් යා යුතුය..ඒවාට පාරේ යන අනිත් උන් පලි නැත..දෙරණ නාළිකාවේ විකාශය වන" සිදූ'' ටෙලිනාට්‍යයෙහි රිජී්ගේ චරිතයට පණ පොවන මොහු අද උදෑසන නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල දී වැරදි ලෙස ඉස්සර කර මාගේ රථයට ද හානි කර එය මාගේ අතින් සිදු වූවක් බවට පත් කිරීමට උස් හඬින් කතා කර "ඇයි ගේම ද " කියා මට බැන වැදී මා ඡායාරූප ගන්නා අවස්ථාවේ දී මා ඔහුගේ රථය ඉදිරියේ සිටිය දී මා යටකර යාමට උත්සාහ කිරීමේදී අසල ගරාජයේ සිටි අයියා පැමින ඔහුව නැවැත්වීමට උත්සාහ කලේය.

එහිදී ඔහුට ද බැණ වැදුන අතර, මා 119 ද ඇමතුවෙමි. පොලිස් නිලධාරියෙකු පැමිණි පසු ඔහු අසල දී ඔහුගේ අහිංසක කම පෙන්වමින් ඔහුට යාමට හදිසි බව පවසා පෙ.ව. 9.30ට මිරිහාන පොලිස් ස්ථානයට එන බව පවසා යන්නට ගිය අතර ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන විට පෙ.ව. 11.40 ද පසු විය. මා එතෙක් ද ඉවසා සිටියේ මාගේ මනුස්සකම නිසාවෙනි. නමුත් ඔහු පැමිණියේ තවත් නීතීඥයෙකු සමගිනි.

ඒ සමගම ඔහුගේ තවත් සගයන් හතරදෙනෙකු ද පැමිණියේය.ඔවුන් පවසා සිටියේ "ඕක braso ගාපු ගමන් යනවා" යැයි කෙළ ගා පිහදාන ගමන් ය. "ඕක අපේ ගරාජයට දමා හදල දෙන්නම්" කියා කී අතර තවකෙකු කීවේ "cut & polish කර ගමන් හරි" කියා ය. මා දන්නා තරමින් ඔය කිසිවක් Paint නොකර හරියන්නේ නැති බව සහසුද්දෙන් ම දන්නා නිසාවෙනි. මා පසූව ඔවුනූත් කවුරුත් දන්නා Kentharo වෙත දමා ඒ දෙන quotation එකට ගෙවීමට කැමති දැයි ඇසීමි. නමුත් ඔවුන් එකඟ වූයේ නැත. මා නඩු මගට බසින බව පැවසූ විට "හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් " කියා පැවසිය. මා කට උත්තර දී පැමිණියෙමි.

ඉන්පසු සවස 5.38 ට calls 2ක් ද 5.49 ට තවත් ඇමතුමක් ගෙන "මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්" කියා තර්ජනය කර සිටියේ ය. මුන් වැනි කාලකන්නි එක ටෙලිනාට්‍යක රඟපෑ විට මෙලෙස හැසිරෙනවා නම් චිත්‍රපටයක දෙකක් රඟපෑවා නම් කෙසේ හැසිරෙයි ද???.

(under the courtesy of nethfm news web)


 


 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka