Friday, October 6, 2017

බන්ධනාගාරයේදී සැකකරුවෙකු මරුට - ශරීරයේ තුවාල..

මීගමුව බන්ධනාගාරය තුළ දී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව දිවුලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් තිදෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල් වරයෙකු  වහාම ක‍්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත මාරු කර ඇති බව සඳහන් වෙයි. ශරීර අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ සැකකරුවෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මේ බව අනාවරණය කර තිබේ.

ඊයේ(04) රාත්‍රී 8.40 ට පමණ මීගමුව රෝහලේ පොලිස් මුරපොලෙන් මීගමුව පොලිස් ස්ථානයට ලද
පණිවිඩයක් අනුව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි වයස අවුරුදු 50 ක් වයසැති කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නැමති පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බව පොලීසියට වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලද විමර්ශන අනුව සැකකරු දිවුලපිටිය පොලිස් ස්ථානය මඟින් සොරකමක් සම්බන්ධයෙන් අදාළ සැකකරු පසුගිය 03 වන දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු මීගමුව බන්ධනාගාරයෙන් රැගෙන ඒමෙන් පසුව බන්ධනාගාරයේ වාට්ටු 2 වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රීයේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මීගමුව රෝහල වෙත රැගෙන යෑමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් අද(05) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් මීගමුව රෝහලට පැමිණ මෘත ශරීරය පරීක්ෂා කර මරණයට අදාළ හේතුව පරීක්ෂා කිරීමට හා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වීමට මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කර ඇත.

මේ පිළිබඳව මීගමුව කොට්ඨාශ බාර පොලිස් අධිකාරිගේ අධීක්ෂණය යටතේ මීගමුව සහකාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිසීය පවසයි.


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka