Sunday, October 8, 2017

හොර සොෆ්ට්වෙයාර් අල්ලන්න.. බිල් ගේට්ස් ඇමැති රාජිත හමුවේ

මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක වන බිල් ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර...විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත්, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර
ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගීවීමට නියමිත බවත් අමාත්‍යංශය නිවේදනය කරයි.

අමාත්‍යංශය එසේ නිවේදනය කරත් අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය වෙත වාර්තා වන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුවන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවන්නේ වෙනත් කාරණාවකට බවයි.

මීට පෙර ස්විස්ටර්ලන්තයේ ඩවොස් නුවර දී පැවති සමුළුවක් අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රොසොෆ්ට් ජාත්‍යන්තර ආයතනයේ සභාපති ජෝන්-පිලිප් කෝටේ මහතා අතර හමුවක් පැවැත්විණි. එම හමුවේදී ඔවුන් අවධාරණය කළේ ශ්‍රී ලංකාව සමග තාක්ෂණික ගිවිසුමකට එළඹීමට තමන් අපේක්ෂා කරන බවයි. එමගින් ඔවුන් බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළඹ ලංකාවේ භාවිතා කරන හොර මයික්‍රොසොෆ්ට් සොෆ්ට්වෙයාර් පිළිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටය.

මේ අතර ඉහත කාරණය පිළිබදව ඇමැති රාජිත සේනාරත්න මහතාවත් දැනුවත් කිරීම සදහා නොවැම්බර් මස 15 දින අබුඩාබියේදී හමුවන බවයි අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය වෙත වාර්තා වන්නේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka