Friday, October 6, 2017

දියණියට අතවර කළැයි කියා පිහියකින් ඇන මැරුවාට එල්ලුම් ගස්

කැස්බෑව ප්‍රදේශයේදී 2006 අප්‍රේල් 10දා පිහියකින් ඇන රයිගම් ආරච්චිලාගේ... උපුල් ප්‍රියශාන්ත ප්‍රේමසිරි යන නමැත්තා ඝාතනය කිරීමේ.. සිද්ධියේ අධි චෝදනාවට වැරැදිකරු වූ චූදිතයකුට පානදුර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය ඊයේ (03දා) මරණීය දණ්ඩනය නියම කළාය.

මරණ දඬුවම නියම වූයේ කැස්බෑව පදිංචි මෙරෙඤ්ඤගේ ජයරත්න නමැති චූදිතටය. සිය දියණියගේ අතින් අල්ලා බදාගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරණකරු සමඟ උරණ වූ චූදිත පිහියක් රැගෙන ගොස් පිහිපහරවල් හතරක් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට පැමිණිල්ලේ සාක්ෂි හා වෛද්‍ය සාක්ෂි අනුව අධිචෝදනා සැකයෙන් තොරව ඔප්පුවී ඇති බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

2006 අප්‍රේල් 09දා සිය දියණියට මරණකරු යම් අතවරයක් කරන්නට සූදානම් වූවා නම් ඒ සම්බන්ධයෙන්
නීතිමය පියවර ගන්නවා හැර චූදිත නීතිය අතට ගෙන ක්‍රියා කරමින් ඝාතනයක් සිදුකිරීම අධිකරණය හා නීතිය අනුමත නොකරන බවද විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

පෙරදින සිය දියණියට සිදුවූවා යැයි කියන අතවර සිද්ධිය සම්බන්ධයෙන් මරණකරු හා ද්වේෂයෙන් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර පසුදින ඔහුගේ නිවෙසට ගොස් මරණකරුගේ පපුවට දරුණු පිහිපහරක් එල්ලකර තවත් පිහිපහරවල් 3ක් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ හා පානදුර මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වූ නඩු වාර්තා තුළින් සැකයෙන් තොරව ඔප්පු වී ඇති හෙයින් මරණීය දණ්ඩනය තීන්දු කිරීමට පෙර චූදිතයාට අවසාන වශයෙන් කිවයුත්තේ කුමක්දැයි විනිසුරුවරිය විමසා සිටියාය.

දියණියකට අතවරයක් කළ කෙනකු ගැන ඕනෑම තාත්තා කෙනකුට වෛරයක් ඇති වීම සාධාරණ බැවින්, තමාටද අධිකරණයෙන් සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ බවත් ඒත් තමාට සාධාරණය ඉටු නොවීම ගැන කනගාටු වන බවද චූදිත ප්‍රකාශ කළේය.

පිළියන්දල පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර පානදුර මහාධිකරණයේ නඩු පවරා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ කේ. වී. ඉන්දිකා මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka