හැමදාමත් ජීවිතේ ළඟ තියාගන්න කැමැති දේවල් ඒ විදිහටම ළඟ තියාගන්න අපි කාටවත් ලැබෙන්නෙ නැහැ. ලෝක ධර්මයට අනූව නම් හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. නැතිවෙලා යනවා. අපේ සිතුම් පැතුම් ජීවිත වුණත් එහෙමයි. ඊළඟ මොහොතෙ මොනව වෙයිද කියල කාටවත් කියන්න බැහැ. ඒ විදිහට කවුරුත්ම නොසතුව විදිහට ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන්ගේ හදිසි සමුගැනීම සිදු වුණේ පසුගිය සතියේ දියි. මේ ප්රශ්නය හමුවේ කම්පනයට හා දුකට පත්ව සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා පසුගිය සතියේ මේ සිද්ධිය පදනම් කරගෙන සංවේදී කවි පෙළක් ද රචනා කර ෆේස් බුක් හි සටහන්
කර තිබූ අයුරු සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කර තිබුණා. මේ ඇය සටහන් කළ බව පැවැසෙන සංවේදී කවි පෙළයි.හිමි වේවා...හමු වේවා...අහිමි නොවේවා... ලෝකයේ කාටත්...
ඉක්මන් වුණා වැඩිද මන්දා කියා සිතුණා දස දහස් වාරයක්
නික්ම යන්ට සිතුවෙ ඇයි නුඹ ලොවට දැන් එය ප්‍රශ්නයක්
නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ වැරැදි නෑ නුඹ රත්තරං
අපේ පවකට හමු වුණේ අප අයිති වූ පසු ඇයට නම්
ඇගේ ලොව තුළ නුඹ කුරුටු ගෑ පැරැණි ගී හරි රස ඇතී
ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට ඔබ අප ගෙන යන්නැති
අසීමිත ප්‍රේමයක් වපුරා මගේ හද නුඹ ගත් හැටී
මුලාවක් වුව ඔබේ ප්‍රේමය සදාකල් මිය දෙන්නැතී
හැරගියත් නුඹ යළි නෙඑන ලෙස තරහ වෙනු බෑ කිසි දිනේ
මුළු ලොවම අද නගන හඬ යට තනිව පිළිතුරු නැහැ අනේ
සසරෙ මතු දින කිසිම දේකට ඉක්මන් නොවී ඉනු මා වගේ
දරනු බැරි වුව දරා ගනු නුඹ මග ඇරුණු මා සිත වගේ
හීනවල හිද කියන හැඟුමන් අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මාසිත ආදරෙයි මං පණ වගේ
නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන් එයයි නුඹ ඉක්මන් කළේ
ලොවේ ගැරහුම් දරා ගන්නම් ඔබේ නමින් මියැදෙන වෙලේ
පරාජිත නොව නුඹ විදපු දුක ලොව නුඹේ විනිසුරු නොවේ
නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී සැනසීම ගෙන මා එන දිනේ
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)