අනුරාධපුර සාලියවැව මහසෙන් විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ තිසුරි පෙරේදා (06) සිය මව සමග පාසල නිමවා යතුරු පැදියකින් නිවස බලා එමින් සිටියදී සාලිය වැව හන්දියේදී අනුරාධපුර සිට පුත්තලම පැත්තට ගමන්ගත්ත... පෞද්ගලික බස් රථයක් ලොරි රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරු පැදියේ බස් රථය ගැටී තිබෙනවා. සිදුවූ එම අනතුරෙන් පුංචි තිසුරි සහ මව තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර. බරපතල තුවාල ලැබූ තිසුරිගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවී තිබෙනවා.
දියණිය මියගොස් ඇති බව දැනගත් මව එය දරා ගත නොහැකිව කම්පනයට පත්ව සිටී. සිද්ධිය සම්බන්ධයෙන් බස්
රථයේ රියදුරු සාලියවැව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.දියණිය මියගොස් ඇති බව දැනගත් මව එය දරා ගත නොහැකිව කම්පනයට පත්ව සිටී. සිද්ධිය සම්බන්ධයෙන් බස්