Tuesday, October 10, 2017

"මාත් ඉන්නේ කතා කරනකම් මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ " විල්සන් කරූ කියන කතාව

විල්සන් කරුණාරත්න කියන සිංහල සිනමාවේ වීරයා ගැන අප අපේ කලාවට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

සිංහල සිනමාවේ වැජඹුන මෙවැනි ප්‍රවීණයෙක් මෙවැනි රූපරාමුවකට පෙනීසිටියේ ඇයිද යන්න එක්තරා පුවත්පත් වෙබ් අඩවියක සංවාදයකට එක්වෙමින් එල්ලවෙන දෝෂාරෝපණවලට ඔහු පිලිතුරු දී තිබුණා. එම සටහන පහතින්

ඉතින් කොහොමද?

අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?....

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

අප්පේ අර මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ
ඇයි?

ඇත්තටම ඔය වීඩියෝ එක ප්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ.  මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඔහු තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා. මට කතාකළාම එතනට යනකම් මේක ඔහු කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. රූගතකිරීම් කරන කොට මමත් මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා.  ඔහු කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?

බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා. ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා  ඔහු කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ. මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

මේ මියුසික් වීඩියෝ එක ප්‍රචාරය වුණාට පස්සේ ඔය කියන ගායන ශිල්පියා ඔබට කතා කළාද?

අපෝ තවම කතා කළේ නැහැ. නමුත් මම රඟපාන්නේ ඒ චරිතය කියලා බොහෝ පිරිස දෝෂාරෝපණය කරනවා.

රඟපානකොට මේ අපේ කාලයේ ගායකයකුගෙ ඇත්ත ජීවිත කතාවේ නිර්මාණයක් කියලා දැන දැනම රංගනයේ යෙදුණේ ලොකු මුදලක් ලැබුණ නිසාද?

ඕක මම කාටවත් මඩ ගහන්න කරන දෙයක් නෙමෙයි කියලා එකහෙලාම කියද්දී මම වාද කරන්න ගියේ නැහැ. මම ජීවිතේ පළමු වතාවට තමයි මියුසික් වීඩියෝ එකක රඟපෑවේ. කරපු පළමු එකෙන්ම අවනඩුවක් තමයි ඔළුවට පාත් වුණේ. ඇත්තටම මම ලොකු මුදලක් ගත්තේ නැහැ. ඔහුගේ තාත්තා නිසා තමයි මම මේකට දායකවුණේ. මේ තරම් අවනඩුවක් වෙනවා කියලා දන්නවනම් ඇත්තමයි මම ලොකු මුදලක් ඉල්ලනවා.

වීඩියෝ එක ප්‍රචාරය වුණාට පස්සේ ඔහු ඔබට කතාකළාද?

නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් ‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’ කියලා අහන්න. වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

සිනමාවේ වීරයෙක් වුණ ඔබ මේ වගේ මල් සින්දු වීඩියෝවල රඟපාන තත්ත්වයට පත්වුණේ කලා කටයුතු ලැබෙනවා අඩුද?

ඔව්. දැන් අපිට වැඩ ලැබෙන්නේ නැහැනේ. අපිත් ජීවත්වෙන්න එපැයි. අනික් එක දැන් හදන ටෙලිනාට්‍යවල චරිත පුස් චරිත. මම ඒවට කැමති නැහැ.

හැත්තෑව අසූව දශකවල ස්වර්ණමය සිංහල සිනමාවේ සටන් කලාවේ ප්‍රතිවීරයා වුණේ ඔබ?

ඇත්තටම මම මුලින්ම රංගනයට ආවේ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයෙන්. රොබින් අයියගෙත්, ගාමිණි ෆොන්සේකගෙත් ෆයිට් එකක් දැකලා තමයි මටත් චිත්‍රපටයක වීරයෙක් වෙන්න හිතුනේ. රොබින් අයියා ඉස්සර අපේ ගෙදර ළඟ තිබුණ දේවාලෙට එනවා. මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට රොබින් අයියා දැක්කොත් දුවලා ගිහින් අනේ මටත් පොඩි අවස්ථාවක් දෙන්නකෝ කියලා ඉල්ලනවා. ආ හරි හරි කියලා පිටට තට්ටුවක් දාලා රොබින් අයියා යනවා. මෙහෙම තමයි රොබින් අයියා ඉතින් මට පොඩි අවස්ථාවක් අරගෙන දුන්නේ. මාවනැල්ලේ රබර් වත්තක තමයි එහි රූගතකිරීම් තිබුණේ. ඒ චිත්‍රපටයේ මම රොබින් අයියව මැරුවා. මම මුලින්ම මිනීමරුවෙක් වෙලා තමයි සිනමාට ආවේ.

එදා කරු අයියාගේ නළු පිවිසුමට ගෙදරින් ලැබුණ ප්‍රතිචාරය කොහොමද?

මගේ පළවෙනි චිත්‍රපටය මම බලන්න ගියේ මගේ අම්මා එක්ක. ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටය බලලා එළියට ඇවිත් අපේ අම්මා මගේ මූණ බලන්නෙත් නැහැ. කතාකරන්නෙත් නැහැ. මම ඒ චිත්‍රපටයේ රොබින් අයියව අන්තිමට පිහියෙන් ඇනලා මරණවා. අම්මට ඒකට තරහා ගියා. මම කිව්වා අම්මෙ ඉතින් මේක රඟපෑමක්නේ කියලා. ඒ වුණාට චිත්‍රපටයකත් උඹ මිනීමරු වැඩ නම් කරන්න එපා කියලා මට නොසෑහෙන්න බැන්නා. අම්මගේ පළමු විවේචනයෙන්ම මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම එදා හිතුවා.

චිත්‍රපටි 260ක දුෂ්ඨයා වුණු ඔබ ඇත්ත ජීවිතේ කොහොම කෙනෙක්ද?

ඇත්ත ජීවිතේ අම්මාගේ ආදරේ එක්ක හැදුණු සාමාන්‍යය මිනිහෙක් මම. වචනයකින්වත් කාගෙවත් හිත රිද්දලා නැහැ.

සිනමාවේ වැඩියෙන්ම ගුටිකාපු නළුවා ඔබ කිව්වොත් මම හරිද?

ඇත්තටම ඔව්. මම විජේ, රොබින්, ජීවන්, ගාමිණි ඇතුළු ප්‍රධාන නළුවෝ සියලූම දෙනා එක්ක සටන් ජවනිකා කරලා තියෙනවා. සිනමාවේ මම දැකපු සටන් කරන්න දක්ෂයෝ දෙන්නයි ඉන්නේ. ඒ තමයි රොබින් සහ ගාමිණී. මට මතකයි කිවුලේගෙදර මොහොට්ටාලගේ චරිතේ කරද්දී ගාලූ කොටුවේ ඉඳලා පහළට පනින්න තිබුණා. මාව වැටුණේ කුෂන් එක උඩට නෙමෙයි. වැටිලා කොන්ද කැඩිලා මාස හයක් මම බෙහෙත් ඔරුවකත් හිටියා. සිනමාව වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මම ඒ රැකගෙන ආපු ගෞරවය මියුසික් වීඩියෝ එකක් නිසා හානි වුණ එක ගැන හිතේ ලොකු කණගාටුවක් තියෙනවා.

චිත්‍රපටි රාශියක රඟපාගෙන ඉස්සරහට එනකොට ඔය හිතට කාවැදුන ආදරයක් තිබුණෙම නැද්ද?

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka