අවුරුදු 15ක සිට නිදි වරමින් තම කුළුදුල් රෝගී පුතු රැක ගැනීමට අපමණ වෙහෙසක් දරන රෝගී වූ මව්පිය දෙපලක් දිඹුලාගල ප්‍රදේශයෙන් අපට හමුවුණා.දිඹුලාගල, රුහුණුගම, කනිච්චිගල දුෂ්කර ගම්මානයේ අංක 91 දරණ ලිපිනයේ පදිංචි මොවුන් ඉතා අසරණව කිසිදු හව්හරනක් නොමැතිව දිවිගෙවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
42හැවිරිදි මේ රෝගී මව්පිය යුවල ගොළු, හඳුනාගත නොහැකි රෝගයකින් වෙව්ලන අවුරුදු 17ක් වයසැති තම වැඩිමහල් පුතු සනීප කරගැනීමට නොගිය තැනක් නැත.
වත්තේ වැවෙන එළවලු පළතුරු පැකට් කර විකුණීම මොවුන්ගේ ජීවිකාව වනවා.සිය රෝගී පුතු රෝහල්
රැසකට ගෙන ගියද වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම රෝගය හඳුනා ගැනීමට නොහැකි බවයි.දරුවා මසකට වරක් දෙහිඅත්තකණ්ඩිය පොළොන්නරුව මහා රෝහල් වෙත ගෙන යාමට සිදුවුවද ඒ සඳහා ත්‍රීරෝධ රථයට රු 3000ක් පමණ වැයවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.42හැවිරිදි මේ රෝගී මව්පිය යුවල ගොළු, හඳුනාගත නොහැකි රෝගයකින් වෙව්ලන අවුරුදු 17ක් වයසැති තම වැඩිමහල් පුතු සනීප කරගැනීමට නොගිය තැනක් නැත.
වත්තේ වැවෙන එළවලු පළතුරු පැකට් කර විකුණීම මොවුන්ගේ ජීවිකාව වනවා.සිය රෝගී පුතු රෝහල්
රෝගී පුතුට නිරන්තරයෙන් අහාර ලබාදීමට සිදුවන බවත් ඔහු හිස හැරුණු අතේ දුවන හෙයින් ඉතා අපහසුවෙන් කොටුකර ප්‍රවේසම් කරගතයුතු බවත් එම දෙමව්පියන් පවසනවා.
ඒ හේතුවෙන් නගරයේ රැකියාවකට පවා යාමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.සියලු අපහසුතා මැද ඔවුන්ගේ දෙවන පුතු කනිච්චිගල ප්‍රාථමික විදුහලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.උපන් විගස බිලිඳුන් මහමග දමා යන යුගයක මෙම අබාධිත තරුණ දරුවා රැකගැනීමට වෙහෙස වන දෙමව්පියන්ට සහයෝගයක් ලබාදීම උතුම් පිංකමක් නොවන්නේද?