Sunday, October 1, 2017

දියවැඩියාව නිට්ටාවටම සුව කළ හැකි බව ඔබ දන්නවාද..

දියවැඩියා රෝගීන් දිනෙන් දින වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් එහි අවදානම් තත්ත්වය ගැන නොසිතා කටයුතු කරනවා වගේම මෙය නිට්ටාවටම සුව කරන්න බැරි රෝගයක් බව දන්නවා. නමුත් ආයුර්වේද ප්‍රතිකාර අනුව නිට්ටාවටම සුව කළ හැකි බව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

“දියවැඩියාව කිසි විටෙකත් සුව කල නොහැකියි ”එය පාලනය කිරීමට පමණක් සීමාවූ රෝගයක්”යන මතය මේ තරම් මුල් බැසගෙන තියන අවදියක දියවැඩියාව සුව කල හැකිබව පවසන්නේ කෙසේද?

දියවැඩියාව සුවකළ නොහැකිය කියන මතය හැමවිටම සත්‍ය වන්නේ නැත.එය පොදුවේ කිව හැකි කාරණයක් නොවේ.නිවැරදි ප්‍රතිකාර,ආහාර සහ විහරණයන් ඇසුරින් දියවැඩියා රෝගීන්ගෙන් වැඩි

ප්‍රතිශතයක් නිට්ටාවටම සුවකළ හැකිය.

තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද?

සරලව ගතහොත් දියවැඩියා රෝගයේදී බොහෝ විට සිදු වන්නේ අග්නයශය දුර්වල වෙන එක.මේ නිසා අග්නයශයෙන් සිදුවන සියළු ක්‍රියාවන් අඩපන වෙනවා.අග්නයශය විසින් සිදුකරන මූලිකම කාර්ය තමයි,ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවීම.එමගින් ඉන්සියුලින් නිෂ්පාදනය කලොත් තමයි රුධිර ප්ලාස්මාවේ ඇති ග්ලුකෝස් දේහ සෛල වලට ප්‍රයෝජනයට ගත හැකි වන්නේ.මෙම ක්‍රියාවලිය ග්ලුකෝස් පරිවුත්තිය ලෙස හදුන්වනවා. ග්ලුකෝස් පරිවුත්තිය අඩාල වීමෙන් ග්ලුකෝස් දේහ සෛල වලට ඇතුළු වීමෙන් සිදුවන ශක්තිය සහ පෝෂණය සැපයීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා.එනම් මෙම අවස්ථාවේදී රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් වැඩි වැඩියෙන් එක් රැස් වෙනවා.මෙසේ රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් ධාරිතාවය වැඩිවීම දියවැඩියාව ලෙස හදුනාගන්නවා.

දියවැඩියාව කියලා හදුනාගත්විට හැමදෙනාම කරන්න උත්සහාගන්නේ ලේ වල ග්ලුකෝස් මට්ටම අඩු කිරීමට ප්‍රතිකාර කරන එක.

රුධිරයේ ඇති ග්ලුකෝස් අඩු කිරීමට පමණක් ප්‍රතිකාර කිරීම, රෝග හේතුවට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය සදාකාලිකවම යටපත් කරන්නට ගන්නා උත්සහයක්.

ඔබේ ප්‍රතිකාර ක්‍රමය කුමක්ද?

දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මා සිදු කරන්නේ දුර්වලවී තිබෙන අග්නයාශය සුවපත් කරන එකයි.අග්නයශය සුවපත් කලවිට එමගින් ඉන්සියුලින් නියමිත ආකාරයට නිපදවනවා.එවිට ස්වාභාවිකවම රුධිරයේ ග්ලුකෝස් පරිවුත්තිය සිදු වෙනවා.එය තමයි දියවැඩියාව නිට්ටාවටම සුවකරන සාර්ථක ක්‍රමය.

එතකොට කොහොමද අග්නයශය සුවපත් කරන්නේ?

අග්නයාශය සුවපත් කරන්නනම් ප්‍රථමයෙන් අග්නයාශය දුර්වල වෙන හේතු හදුනාගෙන ඒවා වලක්වා ගන්න ඕන.අපි කවුරුත් දන්නේ මධුර රසය බහුල සීනි අධික,පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගත්විට ලේ වල සීනි මට්ටම වැඩි වෙලා එය පාලනය කරන්න වැඩි වැඩියෙන් අග්නයාෂ්‍ය මගින් ඉන්සියුලින් නිපදවලා වැඩ අධික වීම නිසා අග්නයාශයේ දුර්වල වීම පමණයි.නමුත් වර්තමානයේදී අග්නයාශය දුර්වල වෙන්න හේතු වැඩි දෙනෙකු නොසලකාහැර ඇති නොදන්නා කාරණා ගණනාවක් තියනවා.

ඒ මොනවාද ?

ඒවා තමයි මද්‍යසාර භාවිතය. අම්ල රසැති ආහාර අධිකව සේවනය කිරීම. උෂ්ණ ආහාර අධික සේවනය. අනවශ්‍ය පරිදි රසකාරක අඩංගු කෘතීම ආහාර බහුලව සේවනය කිරීම සහ මේ සියල්ලෙන්ම තොර වුවත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතා/දුර්වලතා හෝ ගැස්ට්‍රයිටිස් ප්‍රධාන තැනක් ගන්නවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka