Sunday, October 8, 2017

ඉරාජ්ගේ වීඩියෝව ගැන කලාවේ අය බැනපු පට්ට බැණුම් මෙන්න

ජනප්‍රිය සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුද්ගලික ජීවිතය පදනම් කරගෙන ඉරාජ් විසින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර ඇතැයි සමාජයේ..

විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ගැන කලා ක්ෂේත්‍රයේ කිහිපදෙනකුගෙන් අප අදහස් විමසුවා.  අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක්  – ජයන්ත රත්නායක

ඉරාජ් කියන්නේ මට නම් සංගීතඥයෙක් ‍නෙවෙයි. ඒ විදිහට මඩ ගහනවට මම විරුද්ධයි. අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක්. තාත්තා ඒ වගේ දෙයක් කළ නිසයි ඔය වගේ මියුසික් වීඩියෝවක් හැදෙන්නේ. මේ වෙද්දි තාත්තා එක්ක සම්බන්ධවෙලා ඉන්න කාන්තාව සූක්ෂ්මව අපව පවුලෙන් අයින් කරලා තියෙන්නේ. තාත්තට අනුකම්පාවක් හිමිවෙලා තියෙනවා ළමයි සලකන්නේ නෑ කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම කියන්නේ
අපි ගැන හරියට නොදැනයි. මාධ්‍යයට තමයි මම බණින්නේ, ඉරාජ්ලා වගේ අයව පුම්බනවාට. ඉරාජ් ඔය දේවල් කරන්නේ සල්ලි හොයන්න. ඔහු මේ වනවිට යූටියුබ්වලින් සිල්වර් මෙඩ්ල් එකක් අරන් තියෙනවා. වැඩිම හිට් ගිය ආසියානු අපේක්ෂකයා ලෙස. ඔහු දඟලන්නේ ගෝල්ඩ් මෙඩ්ල් එකක් අරගන්න. ඒ නිසා මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මාධ්‍යය ඔහු ගැන කතා කරන නිසා හිතෙන්නේ ඉරාජ් ඔවුන්ට සල්ලි ගෙවනවද කියලත්.

මියුසික් වීඩියෝවක් විකුණාගන්න ජහජරාව දාල වැඩක් නැහැ – පේශල මනෝජ්

අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඔහුව මුල් කරගෙන මේ වීඩියෝව කරපු එක වැරදියි කියලා මම හිතන්නේ. අපි මියුසික් කරන අය මිසක් වීඩියෝ අධ්‍යක්ෂවරු ‍නෙවෙයි. මගේ අතිජාත මිත්‍රයෙක් තමයි ඉරාජ් කියන්නේ. තාමත් ඒ යාළුකම තියෙනවා. වැරදි දේට මම වැරදියි කියනවා. අද ඉරාජ් විතරක් ‍නෙවෙයි අනිත් අය කරන දේවල් ගැනත් දකින විට කලකිරෙනවා. අද ඔවුන් නිල් චිත්‍රපට අධ්‍යක්ෂවරු වගේ තමයි  ගීත රූප රචනා කරන්නේ. සංගීතය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝවක් විකුණාගන්න ඕන කියලා තියෙන ජහජරාව ඔක්කොම දැම්මට වැඩක් නැහැ. අපට කාගෙවත් පුද්ගලික ජීවිතේ වැඩක් නැහැ.

හරිම පහත් වැඩක් – කේ. සුජීවා
අම්මා කෙනෙක් විදිහට කතා කළොත් කියන්න තියෙන්නේ අද ළමයෙක් අන්තර්ජාලයට යනවා කියන්නේ බයක් දැනෙනවා. අනවශ්‍ය දේවල් දකියි කියලා. අපේ රටට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. සල්ලි ඕන නිසා කලාකරුවෝ දාලා ඔය වගේ දේවල් කරනවා කියන්නේ බොහොම කනගාටු දෙයක්. කාගෙවත් පුද්ගලික දෙයක් කාටවත් වැඩක් නැහැ. වෘත්තිය සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා නම් ඒක වැරදියි. ලංකාවේ ප්‍රවීණයන් අතර උඩින්ම ඉන්න චරිතයක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඒ වගේ අයගේ චරිතය ඝාතනය කිරීම හෙළා දකිනවා. අද චරිත ඝාතනය කිරීම පහසු දෙයක් වෙලා තියෙනවා. කලාකාරිනියක් විදිහට ඉරාජ්ගේ මේ වැඩේ ගැන හරියට කනගාටු වෙනවා. හරිම පහත් වැඩක් විදිහටයි අපි දකින්නේ. අද මේ ක්ෂේත්‍රය ගැන හරි දුකයි. කාලයක් රිගින් ටෝන් තිබුණා. අද සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැහැ. මෙහෙම කලාකාරයෙක්ට කැළලක් ඇති කරන්න දෙන්න බැහැ කියලයි මම කියන්නේ.

මේවා හදන්නේ මානසික ලෙඩ්ඩු – ජින්ජර්

ඔය වගේ සින්දු හැදෙන්නෙ යූටියුබ් එකට. රූපවාහිනිය හරහා විස ‍පොවන්න බැරි නිසයි එහෙම වෙන්නේ. සීමාව පැනලා බැරියල් කඩාගෙන ඔවුන් අපායට යන්න පාර හදාගෙන යනවා. රුපියල් සතවලට ලෝභවෙලා තමයි මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මියුසික් ‍නෙවෙයි ඔවුන්ට සල්ලියි ඕනවෙලා තියෙන්නේ. ඔය වගේ මියුසික් වීඩියෝ හදන අය දෙමව්පියන්ට ගෞරව කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. වික්ටර් රත්නායක මහත්මයාගේ පුද්ගලික ජීවිතය අපට වැඩක් නැහැ. මේ මියුසික් වීඩියෝවලින් කාමයට ලොකු තැනක් දෙනවා. මේවා බලන්නේ, හදන්නේ මානසික ලෙඩ්ඩු. මේවා හදන මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ. ඉරාජ්ගේ මියුසික් වීඩියෝව නොබලා කියන්න පුළුවන් මොකක්ද කියලා. මේක තමයි රැල්ල කියලා ඔවුන් හිතන්නේ. ප්‍රසංග වේදිකාවෙත් අපිට සීමාවල් තියෙනවා. මේ වගේ දේවල්වලින් වෙන්නේ ඔවුනුත් නැතිවෙලා යන එකයි. එවැනි වැඩවල පැවැත්ම අඩුයි. යූටියුබ් රැල්ල ඔය වගේ ගායකයන්ට ලොකු තෝතැන්නක්.

අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නෑ – කොරින් අල්මේදා

අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. ඔහුගේ වෘත්තීය ජීවිතය විතරයි අපට අදාළ වෙන්නේ. පුද්ගලික ජීවිත අලලා ඔය වගේ දෙයක් කිරීම මම පිළිකුලෙන් හෙළා දකිනවා. අපි ගෞරව කරන්න ඕන ගායකයෙක්ට ඔහොම දේවල් කරන එක පිළිකුල් සහගතයි. ඔය දේවල් කරන අයගේ දෙමව්පියන් දැනුවත්ද කියලා බලන්න ඕන.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka