Monday, October 2, 2017

”මම ශලනිට ආදරෙයි, මම කවදහරි ඒකිව මගේ කර ගන්නවා” – දසුන් නිශාන්ගේ වෙනස්වීම සහ ඔහු දිවිය අත්හැරීම දක්වා සිදු වූ දේවල්

සුන් නිශාන් ද සිල්වා මිය ගොස් අද දිනය වනවිට හරියටම දවස් 07ක් ගත වෙලා. එහෙත් තවමත් මාතෘකාව ඔහු, ඔහුගේ බිරිඳ සංදීපනී සහ ඔහු රහසින් පෙම් කළ ජනප්‍රිය නිළි ශලනි තාරකා ය.

ඔහුගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු කෙසේ වුව ද ඔහුගේ රංගනයට බොහෝ දෙනෙක් ප්‍රිය කරයි. මේ ඔහු සදහටම මෙලොව හැර යන දිනය දක්වා වූ කතාවයි.

පියා ඔවුන් හැර යෑම හේතුවෙන් තම දරු දෙදෙනා සමග තනි වූ දසුන්ගේ මව ඔවුන් උස්මහත් කරන්නට ඉගැන්වීම් කරන්නට අපමණ වෙහෙසක් දැරුවා ය.

දසුන් අධ්‍යාපනයට විශිෂ්ඨ දක්ෂයෙකු වූ බැවින් පාසල තුළ දිදුලන්නට විය. එසේ ම දඟකාර දසුන්
හුරුබුහුටි කෙල්ලක වූ සංදීපනී නැමැති තරුණිය ඔහුගේ පෙම්වතිය ලෙස තෝරා ගත්තේ පාසල් යන කාලයේ දී ය. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ දසුන් පරිගණකය ඉංජිනේරුවෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද ලබා ගත්තේ ය.

කඩවසම් පෙනුම සහ කුඩා කල සිට ම නළුවෙක් වෙන්න ආශා කළ දසුන් වැඩිකලක් නොගොස් තම සිහිනය සැබෑවක් කර ගත්තේ ය. ඒ සඳහා සිය පෙම්වතියගේ වැඩි කැමැත්තක් නොතිබුණි.

නිරූපණයෙන් ආරම්භ කළ ඔහුගේ කලා දිවිය ගීත රූප රචනා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම සිනමා නළුවෙකු ලෙස ද ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය තරුවක් බවට පත් කරන්නට සමත් විය.

කුඩා කුඩා විරසකකම්, බහිංබස්වීම් මැද වුව ද දසුන් – සංදීපනී ආදර කතාව ගලා යද්දී සිය ආදර කතාවට වසර 13ක් ගත විය. දසුන් ඇය තමන්ගේ ම කර ගන්නට කටයුතු කර තිබේ. ඒ ඇය ව විහාහ ගිවිස ගනිමින් ය. කාලයාගේ ඇවෑමෙන් දසුන් කලා ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර ලෙස ජනප්‍රියවෙන්න පටං ගත්තේ ඒ කාලය අතර තුර දී ය.

අලුත් මිතුරන්, රසික රසිකාවින්ගේ ආදර දිනූ දසුන්ට තමන් විවාහකයෙකු බව මදකට අමතක වෙනවා. එවිට ඔහුට අලුත් මිතුරන්ගේ, අලුත් මිතුරියන්ගේ ඇසුර රස වෙනවා. එලෙස විවාහකයෙකු බව අමතක කළ දසුන් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙක් තම පෙම්වතිය බවට පත් කර ගැනීමට කටයුකු කළ ද ඒවා වැඩි කල් පැවති ආදර කතා නම් නොවී ය.

මේ කිසිවක් නොදන්නා දසුන්ගේ බිරිඳ ඇයගේ හුස්මටත් වඩා දසුන්ගේ හුස්ම ගැන සිතුවා ය. ඇය එක සිතින් දසුන් ම පැතුවා ය. ඔහු කෙරෙහි ඇයගේ ආදරය අඩු නොකළා ය. එහෙත් 2017 වසරේ ජනවාරී මාසයේ මුල සිට දසුන්ගේ යම් වෙනසක් ඇයට දැනුනා ය. කෙසේ වුව ද ඒ වනවිට ඔවුන් දෙදෙනාගේ විරසක වැඩි වෙමින් පැවතුණි.

දසුන්ගේ සිත ශලනි තාරකා නමැති රංගන ශිල්පිණිය අසල නැවතුනේ කවර හේතුවක් නිසාදෝ කිසිවෙක් නොදනී. එහි තිබුණේ අවංක ආදරය බව කිසි විටෙක කිව නොහැකි ය. මන්ද දසුන්ට පණ මෙන් ආදරය කරන වෙනත් යුවතියක් සිටින බැවින් සහ ඒ වනවිටත් ඔහු විවාහකයෙක්වීමත් නිසාත් ය.

කරුණු කාරණා කෙසේ වුව ද එතෙක් ගත කළ ජීවිතය මදකට අමතක කර දමා ඔහුගේ ජීවිතය ශලනි පමණක් කර ගැනීමට වැඩි කාලයක් ගත නොවී ය. ලැබුණ හැම විනාඩියේ ම දසුන් ශලනි ව ඇමතුවේ ය. ඉඩක් ලද සැනින් ඔහු ශලනි බලන්න ගියේය ය. පුළුවන් සෑම අවස්ථාවක දී ම ඔහු ඇය සමග කාලය ගත කළේ ය. කෙටි කාලයකින් දුරදිග ගිය ආදර සම්බන්ධතාවය නිසා දසුන් දෙලොවක් අතර තනි විය.

ඔහුට ශලනි අවැසි ම විය. එහෙත් වචනෙකින් හෝ වැරැද්දක් නොකළ සංදීපනී අත්හරින්නත් බැරි විය. මතට හුරු වූ දසුන්ට එල්ලී මැරීම පමණක් ඊට පිළිතුර බව නිතර නිතර සිත කියන්නට ඇති.

අපිට නම් බොක්කෙන් යාළුවෙක් ආශ්‍රරේ කරද්දි ඒ අයගේ පොඩි වෙනස්වීමක් උනත් තේරෙනවා. දසුන්ගේ ඒ වෙනස පොඩීයි කියන්නත් බෑ. ඒත් ඒ වෙනස තේරුම් ගන්න එක යාළුවෙක් ඉඳලා නෑ. අනුවණකමට බෙල්ලෙ වැළ දාගන මිය ගිය බව පවසමින් දසුන්ට බැණපු කිසි කෙනෙක් එක වචෙනෙකින්වත් දසුන්ට හයියක් වෙලා හිත හදලා නෑ.

ඔහුගේ මරණය සාධාරණිකරණය කරන්න බෑ. නමුත් ඔහු මිය යන දිනය ළඟා වනතෙක් ඔහු ඊට ආසන්න දින කිහිපය කෙසේ ගත කරන්න ඇති ද කියලා නිකමට හිතල බලන්න.

කෙසේ වුව ද තමා මෙතෙක් ගත කළ ජීවිතය, තමා විවාහක බව, අනාගත බලාපොරොත්තු, තමා වෙනුවෙන් අපමණ දුක් කම්කටොලු විඳි අසරණ අම්මා ඔහුට අමතක විය. මිටින් හල කුරුල්ලෙකු මෙන් දසුන් – ශලනි නිදැල්ලේ ආදරය විඳින්න පටං ගෙන තිබිණ.

”මම ශලනිට ආදරෙයි, මම කවදහරි ඒකිව මගේ කර ගන්නවා” අසම්මත වුවත් දසුන්ගේ පැතුම එය විය. ඔහු එය ප්‍රසිද්ධියේ නිතර පවසා තිබෙනවා. එහෙත් එය වැරදි උඹ දවසක ඕක නිසා අමාරුවේ වැටෙයි කියන්න එක්කෙනෙක් හරි හිටියා නම් සමහරවිට දසුන් වැරදි හදාගෙන අවුරුදු 15ක් නේක දුක් මැද ආදරේ කළ බිරිඳ සමග සිටිනවා විය හැකි ය.

දිනෙන් දින අලුත් වූ ශලිනිගේ ආදරය නිසා දසුන්ට සියල්ල අමතක වෙන්න ගත්තා. දසුන් පිස්සුවෙන් වගේ ශලිනිට ආදරේ කරනවා. නමුත් ඔවුන් දෙනොගේ ඇසුර අනියම් බව පැවසූ ශලිනි ඔහු අත්හරිනවා. දරා ගැනීමේ ශක්තිය අඩු වූ දසුන් ශලිනිගේ ආදරයෙන් අන්ධ වෙනවා. රැයක් දවාලක් නැති ව කල්පනා කරනවා. අන්තිමේ දී දසුන් මේ ලොකේ සදහටම අතෑරලා දාන්න තීරණය කරනවා. ඒකට විවිධ හේතු තිබෙන බවට බොහෝ දෙනෙක් බොහෝ කතා කියනවා. නමුත් ඔහුගේ සිවි නසා ගැනීමට කිසිවෙකුටත් ඇඟිලක් දිගු කළ නොහැකි ය.

රස කරමින් මුළු මහත් රටම කතා කරන දසුන් නිශාන් ද සිල්වාගේ මරණය වටා ගෙතුණු කතා රැසකින් ජීවිතයට උගත යුතු පාඩම් රාශියක් පවතී.

hitnews.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka