සිය විවාහක සැමියා විසින් තම බිරිඳට පෙට්‍රල් දමා ගිනි නැබීමෙන් දරුණු තුවාල ලැබූ බිරිඳක් ඊයේ (22) අලුයම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබෙනවා. මෙම ගිනි තැබීමෙන් මරණයට පත්ව තිබෙන්නේ 34 හැවිරිදි කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි මූර්ති ලෝගේස්වරී නමැති දරුවන් දෙදෙනෙකු සිටින කාන්තාවක්. 41 හැවිරිදි ඇගේ සැමියාවන ජූඩ් කුමාර ඉකුත් 30 වැනිදා ඇයට මෙලෙස පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඇතිවු සිද්ධියක් මුල්කරගෙන මෙය සිදුකර ඇති බවද සිරුරට ගිනි ඇවිලී
දැඩි පිලිස්සුම් තුවාල ලැබූ දිනම ඇය මීගමුව දිස්ත්‍රික් රෝහල ඇතුළත් කළ බවද සඳහන්.පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඇතිවු සිද්ධියක් මුල්කරගෙන මෙය සිදුකර ඇති බවද සිරුරට ගිනි ඇවිලී
වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඔ ජාතික රෝහලට මාරුකර පසුව තරමක සුවයක් ලැබූ පසු ඇගේ නිවසට පැමිණ සිටියදී රෝගී තත්වය උස්සන්නවූ බැවින් නැවතත් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.
සති තුනකට ආසන්න කාලයක් දැඩි වේදනා විඳ ඉකුත් 22දින ඇය එම රෝහලේදී මියගොස් තිබුණා.
මෙම පුද්ගලයා බිරිඳව ඝාතනය කිරීමේ උවමනාව මත පෙට්‍රල් ගෙනැවිත් නිවසේ තබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර කොච්චිකඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.