Tuesday, October 10, 2017

මවුපියන් දෙදෙනාම අහිමියි - මේ අසරණ දියණියෝ උදව් ඉල්ලති

නොසිතු විරූ අනතුරු දෙකක්‌ හේතුවෙන් දෙමාපියන් අහිමිව මෙලොව තනි වූ පාසල් යන වියේ දියණියන් දෙදෙනකුගේ ඉතාමත් අනුවේදනීය පුවතක්‌ මහියංගනය ඔරුබැඳිවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එච්. එම්. බුද්ධිකා අභිනන්දනී වයස අවුරුදු 14 (8 වසර) හා එච්. එම්. කවීෂා සිතුමිණී හේරත් වයස අවුරුදු 13 (7 වසර) යන දරුවන් දෙදෙනා මහියංගන ඔරුබැඳිවැව ජාතික පාසලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකි. ඔවුන් මේ වන විට සිය දෙමාපියන් අනතුරු දෙකක්‌ හේතුවෙන් මියගොස්‌ ඇති නිසා මෙලොව තනිවී සිටිති.

පියා, කම්කරු රැකියාවක නිරත වෙමින් කළුගල් වළක රැකියාවක නිරතව සිටියදී බෝර දැමූ කළුගල් කැබැල්ලක්‌ හිසේ වැදී වසර 07 කට ඉහතදී මියගොස්‌ ඇත.

මව, පියා මියයැමෙන් අනතුරුව දැරියන් දෙදෙනා ජීවත් කිරීම සඳහා නිවස ඉදිරිපිට කඩයක්‌ සාදාගෙන සුළු වෙළෙඳාමක නිරත වෙමින් ජීවිතය යළි ඇරඹීය.
පදියතලාව - මහියංගන මාර්ගයේ 49 කණුව ඔරුබැඳිවැව පන්සල ඉදිරිපිට ඔවුqන් පදිංචිව සිටියේය.

පසුගිය 19 වැනි දින පදියතලා මාර්ගයේ ගමන්ගත් බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන කඩ 3 ක්‌ කඩාගෙන ගොස්‌ පුද්ගලයකුද ජීවිතක්‌ෂයට පත් කරමින් අනතුරට පත් විය. එහිදී කඩේ වෙළෙඳාමේ නිරතව සිටි දැරියන් දෙදෙනාගේ මවද බසයට යටවී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගියාය.

දෙමාපියන් දෙදෙනා අහිමිව මෙලොව තනි වූ දැරියන් දෙදෙනා පරිවාසභාරයට පත් වීම වැළැක්‌වීම සඳහා දැරියන්ගේ පියාගේ පියා (සීයා) මේ වන විට ඉදිරිපත් වී දැරියන් දෙදෙනාට අධ්‍යපනය ලබාදෙමින් ජීවත රැකවරණය සැලසීමට ඉදිරිපත්ව සිටිති.

එහෙත් එච්. එම්. සිරිසේන නම් වන වයස 80 ක්‌ හා දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන සීයා හට දරුවන් දෙදෙනා ජීවත් කරවීම සඳහා කිසිදු ආදායම් මාර්ගයක්‌ නොමැති කම මේ වන විට උදාවී ඇති විශාලතම ගැටලුව වී ඇත. අත්තම්මා ( ටී. ජී. ලිලාවතී) ද වයස 64 ක්‌ වන රෝග රැසකින් පීඩා විඳින තැනැත්තියකි. වයෝවෘද්ධව ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියදී දරුවන් දෙනෙකුගේ බර නැවතත් කරට ගන්නට සිදු වූ මෙම යුවළට ආදායම් මාර්ග කිසිවක්‌ නොමැති වීම ඔවුන් ලැබූ අභාග්‍යයකි.

එහෙයින් දියණියන් දෙදෙනා ජීවත් කරවීම සඳහා පිං කැමති ඔබගෙන් පිහිටක්‌ බලාපොරොත්තු වේ.

අනතුරින් විනාශයට පත් වෙළෙඳසල යළි ගොඩනඟා දෙන්නට කිසියම් කෙනෙක්‌ ඉදිරිපත් වේ නම් එය දරුවන් ජීවත් කරවීම සඳහා යම් පිටිවහලක්‌ වන බවට නොඅනු මානය.

මෙම රිය අනතුර හේතුවෙන් ජීවිත දෙකක්‌ අහිමි වූ අතර, අනතුර සිදු කළ බස්‌රථයේ රියදුරු හෝ බස්‌ රථයේ හිමිකරු මෙම දරුවන් වෙනුවෙන් කිසිදු උපකාරයක්‌ සිදු කිරීමට ඉදිරිපත් නොවීමද ඉතා කනගාටුදායක කරුණක්‌ වන අතර දරුවන්ගේ මෑණියන්ගේ මරණ කටයුතු සඳහාද කිසිදු උපකාරයක්‌ සිදුනොකළ බවට පවුලේ ඥාතීන් චෝදනා කරති. මෙම සෑම කරුණක්‌ හේතුවෙන්ම දියණියන් දෙදෙනා අසරණ භාවයට පත්ව ඇත.

සංවේදී හිතැති ඔබට ඔවුනට පිහිටක්‌ විය හැකිනම් දරුවන්ගේ සීයා වෙත පහත දුරකථන අංකයට කථාකර විස්‌තර ලබාගත හැක +(94) 0724626788

එසේම මේ දරුවන් සඳහා යම් සුළු මුදලක්‌ ඔවුනගේ ගිණුමට බැර කළ හැකිනම් මහියංගනය මහජන බැංකු ශාඛාවේ 058-2-001-3-0018582 එච් එම්. බුද්ධිකා අභිනන්දනී හා 058-2-002-3-0011306 එච්. එම්. කවිෂා සිතුමිණී හේරත් යන නමින් ඇති ගිණුම්වලට බැර කළ හැක.

මහියංගනය - රංජිත් කරුණාවීර

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka