වසර දහයක පමණ කාලයක් ජීවත් වූ නිවස අහිමි වූ හෙයින් මහ මගට වැටී කුඩා ලොරියක් මත දිවි ගෙවන පවුලක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාව විසින් විකාශණය කල පසු දානපතියක් පිරිසක් එක්ව එම පවුලට උපකාර කර ඇත.
චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාර හා ජනප‍්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර එම දරු පවුලට ඉඩමක් පරිත්‍යාග කල අතර ව්‍යාපාරිකයෙකු විසින් එම ඉඩමේ නිවසක් තනා දීමටත් එය ඉදිවන තෙක් එම දරු පවුල කුලී නිවසක නතර කිරීමටත්
බාර ගත්තේය.තෙල්දෙණිය ජාතික පාසැලේ විදුහල්පතිවරයා විසින් එම දරුවන් තිදෙනා සිය විදුහලට ඇතුලත් කර ගැනීමට කටයුතු කර ඇත