Wednesday, November 1, 2017

විග්නේශ්වරන් මියයයි- මළ සිරුර විශේෂ පරීක්ෂණයකට කොළඹට එවයි

අභිරහස් ලෙස මිය ගිය විග්නේශ්වරන් ගේ මළ සිරුර  අධිකරණ නියෝගයක් මත ගොඩ ගෙන  පරීක්ෂණ සඳහා කොළඹට එවා ඇත.

මඩකලපුව කලවන්චිකුඩි පොලිස් බල  ප්‍රදේශයට අයත් ඔත්තාචිමඩම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී ලෙස සේවය කළ  සෝම සුන්දරම් විග්නේශ්වරන් ගේ මල සිරුර අද  මෙසේ ගොඩගත්තේය.

පසුගිය 2016 අප්‍රේල් 15 වැන්දි රාත්‍රියේ අභිරහස්
ලෙස මිය ගිය විග්නේශ්වරන්ගේ මළ සිරුර විදුලි පහන් කනුවක් යට තිබී සොයාගන්නා විට ඔහු ගමන් කළ යතුරු පැදියද ඒ අසළ වැටී තිබී ඇත.

මේ සම්බන්ධ නඩුව කලවන්චි කුඩි සංචාරක අධිකරණයේදී පවත්වාගෙන ගියේය.

පසුගිය 28 වැනිදා විග්නේශ්වරන්ගේ ඥාතීන් විසින් මරණය පිළිබඳ සැක බව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අධිකරණ විනිසුරු එම්. අයි. රිස්වාන් විසින් කළ නියෝගයට අනුව අද පොලිස් ආරක්ෂාව මත මල සිරුර ගොඩ ගන්නා ලදී.

මළ සිරුර විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹට එවා ඇත.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka