රියදුරු නීති කැඩු සුරූපී තරුණියෙකු කල වරදින් පලා යාම සදහා පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.තම රාජ කාරිය සිදු කිරීම සඳහා පොලිස්නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරන අතර
එම අවස්ථාවේ පොලිස් නිළධාරියා සාක්ෂියක් වශයෙන් ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත
කර තිබෙන අතර.එම අවස්ථාවේ පොලිස් නිළධාරියා සාක්ෂියක් වශයෙන් ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත
එතනදි පොලිස් නිලධාරියා කියන්නේ ඔයා කොහොමද මට සල්ලි දෙන්නේ. අල්ලස් දීම වරදක්. මට ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන් යනුවෙන්.
ඒකට තරුණියගේ උත්තරේ තමයි මම මේ Pre-shoot එකකට යන්නේ. ඔයාලා සල්ලි ගන්න නිසයි මම දෙන්න හැදුවේ යනුවෙන්.
කොහොම වුණත් අවසානයේ එම තරුණිය පොලීසිය වෙත රැගෙන ගිය බව ආරාංචි මාර්ග සඳහන් කරනවා. තරුණිය පොලිස් නිළධාරින්ට අල්ලස් ලබා දෙන වීඩියෝ පටය පහතින්.