ඕපාත මහා විද්‍යාලයේ 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ගාල්ල, හිනිදුම, ඕපාත ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.ඉකුත් 27 වැනි දා උදෑසන මෙම දරුවා සිය පියා සමග හිනිදුම නගරයට ගොස් ඇති අතර නැවත පැමිණෙනවිට දී ෆ්‍රයිඩ්රයිස් එකක් ගෙන දෙන ලෙස පියාගෙන් ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ පියා විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිවසට පැමිණි පසු එම දරුවා මෙලෙස
සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.එම අවස්ථාවේ පියා විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිවසට පැමිණි පසු එම දරුවා මෙලෙස
එම අවස්ථාවේ පවුලේ සියලු දෙනා නිවසේ සිට ඇති අතර ඔහු කිසිවෙකුට නොදන්වා නිවස පිටුපස තිබූ මඩුවක ගෙළ වැළලාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම දරුවාට අවුරුදු 11ක් පමණ වයසැති බාල සහෝදරයෙකු ද සිටී.
දරුවාගේ මරණ පරික්ෂණය ඉකුත් 28 වැනිදා ගාල්ල, කරාපිටිය රෝහලේ දී පවත්වා ඇති අතර එහි දී අනාවරනය වුණේ ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවයි.සිදුවීම සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.