Sunday, October 8, 2017

වකුගඩු රෝගයෙන් මියගිය තම පියා වෙනුවෙන් වෛද්‍යවරියක් වීමට සිහින මවන දිරිය දියණිය

වසර 45ක් පැරණි පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ එකම දැරිය....
ඉරුණු පොත් බෑගයත් කැඩී ගිය සපත්තු කුට්ටමක් දමාගෙන ගමේ පාසලට යනවා...

බොහෝ  දෙමව්පියන් දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලයත් සමග ජනප්‍රිය පාසල් සොයන යුගයක රටටම ආදර්ශමත් වූ ගලේවෙල පුංචි දියණියක් පිළිබඳව දැනගන්නට ලැබුණා.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පහල දිග්ගල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන මෙම දියණිය දුලාංජලී මදුමාලියි.

වසර 45 ක පාසලේ  ඉතිහාසයේ ප්‍රථම වතාවට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්  ඇය පහල දිග්ගල ගමේ පදිංවිව සිටිනවා.ඇයගේ ආදරණීය පියා මීට වසර කිහිපයකට ඉහත දී වකුගඩු රෝගයෙන් පීඩා විඳ බරපතල ලෙස රෝගාතුරව සිට මියගොස් තිබෙනවා.පසුව මව විසින් මේ දියණියත් පුතාත් ජිවත් කොට 
ඇත්තේ  එකයි සත විසිපහ බැගින් කුලියට ගඩොල් කපමිනුයි.

තවමත් ඔවුන්ටම කියා නිවසක් ද නැති අතර ඔවුන් කිරි අම්මාගේ නිවසේ පදිංචිව සිටිනවා.දහසක් අඩුපාඩු මැද්දේ දුලාංජලී කිසිඳු උපකාරක පන්තියකට නොගොස් තම පන්ති භාර ගුරුතුමිය වන නීතා කුමාරි මහත්මිය ගේ ඉගැන්වීමෙන් සහ විදුහල්පති සෝමසිරි අත්තනවත්ත මහතාගේ මඟපෙන්වීම යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 සාමාර්ථයක් ලබා ගෙන ම විද්‍යාලයේ වසර 45 ක ඉතිහාසය ද අලුත් නමක් එක් කළා.

දුලාංජලීගේ මව ගීතිකා ලක්මාලි  කුලි මුදලට ගඩොල් කපන්න යන විට දුලාංජලීත් , 8 වසරේ ඉගෙන ගන්නා තමන්ගේ පුතාත් ගල්ගොඩේ වාඩිවී අම්මා ගඩොල් කපන තුරු මෙම දියණිය පාඩම් කරනවා.

අධ්‍යාපනය සඳහා අඩුපාඩු රැසක් පැවතියද ඒ සියල්ල විඳ දරා ගනිමින් මෙම  ජයග්‍රණය  ලැබීම විශේෂත්වයක්.

කැඩී ගිය පාසල් බෑගය සහ මිරිවැඩි සඟලත් සමග ගමේ පාසලට යන මේ දිරිය දියණිය දුලාංජලීගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමයි.

ඒ  වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

තමන්ගේ පියා වකුගඩු රෝගයෙන් මිය යෑමත් සමඟ කම්පනයට පත් ඇය එම බලාපොරොත්තුව සිතෙහි ගල්වා ගෙන සිටිනවා.


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka