Thursday, October 19, 2017

''තාත්තා හිරේ දැම්මෙ නැත්තම් මම ඔළුව හැරුණු අතේ යනවා.'' බාලවයස්කාර දැරියක් තාත්තා කරපු දේ පොලීසියට කියලා.

දිනපතා මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටන තම පියාට එරෙහිව බාල වයස්කාර දැරියක් විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.දීගු කාලයක් තිස්සේ මත්කුඩු  පානයට ඇබ්බැහිවී සිටින එම දැරියගේ පියා දිනපතාම තමනට සහ මවට කරදර කරන බව දැරිය පොලීසියට වැඩිදුරටත් කියා තිබෙනවා. තමන්ට එල්ලවන වද හිංසා විඳදරාගත නොහැකිම තැන දියණියගේ මවද මේ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පසුව කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශය අදාල කාන්තාවගේ සහ දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා
කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස් ස්ථානයට පැමිණි 12 හැවිරිදි මෙම දැරිය පොලිස්  නිළධාරීන්ට ප්‍රකාශ කර තිබුනේ තමන්ට හා මවට පහර දී විවිධ වධ හිංසා වලට ලක් කරන තම  පියා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙසයි.

සිය පියා සෑම දිනකම මත්කුඩු පානය කර නිවෙසට පැමිණ තම මවට පහර දේද්දී ඇය බේරා ගැනීමට තමන්ට සිදුවන බවත්, එහිදී උඹ මගේ එකෙක් නොවෙයි යනුවෙන් පවසා තමන්ට බැණ වදින බවත් ඇය ප්‍රකාශ කර තිබුනා.

එසේම තමන්ට හා මවට මෙවැනි හිරිහැර කරන නිසා තම පියා හිරේ දැමුවේ නැත්නම් නිවෙස අතහැරදා හිස හැරුණු අතේ යන බවද ඇය හඬමින් පොලිසියට කියා තිබුණා.

(under the courtesy of nethgossip.lk news web)


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka