වාරියපොල ප‍්‍රදේශයෙන් අතුරුදන් වී සිටි 14 හැවිරිදි පිරිමි ළමයා කොළඹ කොටුව ගුණසිංහපුර ප‍්‍රදේශයෙන් හමුවී තිබෙනවා. වේල්ලවීදිය පොලිසියේ නිළධාරියෙකුට අද (21) උදෑසන මෙම ළමයා මුණ ගැසී ඇති බවයි පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. තමන් පවුලේ උදවිය සමග තරහ වී නිවසින් පිටව ආ බව ඔහු ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර තිබෙනවා. මෙම ළමයා අළුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද
ඉදිරිපත් කරන බවයි පොලිස් ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.ඉකුත් 14 වනදා සිට මෙම ළමයා අතුරුදන් වී සිටි බව ඔහුගේ ඥාතීන් පොලිසිය පැමිණිලි කර තිබුණා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඔහු මෙලෙස නිවසින් පිටව ගොස් තිබෙන බවයි විමර්ශනවලින් හෙළි වුණේ.
(under the courtesy of nethnews.lk news web)