Saturday, October 21, 2017

ලබන මාසයේ විවාහ වෙන්න හිටපු සුරේෂ් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිහින්

ඇස්‌, වකුගඩු, හෘදය ආදි සියලු අවයව පරිත්‍යාග කරලා...
" මා තුවාලකරුව ඉස්‌සුවා. ඔහු සමග සිටි මිතුරන් ආවේ නැහැ"

රිය අනතුරකට ලක්‌ව මියගිය 26 හැවිරිදි තරුණයෙකුගේ ඇස්‌, වකුගඩු, හෘදය ආදි සියලු අවයව පරිත්‍යාග කෙරුණු පුවතක් බේරුවලින් වාර්තා වනවා.

මෙම තරුණයා ස්‌විට්‌සර්ලන්ත ජාතික ගුරුවරියක සමග ලබන මස විවාහ වීමට සිටියා.

බේරුවල- මොරගල්ල බාබේරියන් පාරේ පදිංචිව
සිටි පහළගේ සුරේෂ් අබේගුණවර්ධන නම් මෙම තරුණයා  රිය අනතුරකට ලක්‌ව මියයාමෙන් පසු මොළය මියගොස් තිබු අතර ඔහුගේ ඇස්‌, වකුගඩු, හෘදය ආදි සියලු අවයව පරිත්‍යාග කළ  බව කළුතර නාගොඩ මහ රෝහලේදී ඊයේ(18) පැවැති හදිසි මරණ පරීක්‍ෂණයකදී අනාවරණය වුනා.

තරුණයාගේ පියා වන පද්මසිරි අබේගුණවර්ධන හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මෙසේ සඳහන් කර තිබෙනවා.
"මියගොස්‌ ඇත්තේ මගේ පුතා. මට දියණියන් දෙදෙනකු හා පුතුන් දෙදෙනකු සිටිනවා. මේ පුතා මොරගල්ලේ සංචාරකයන් සඳහා රෙස්‌ටුරන්ට්‌ එකක්‌ පවත්වාගෙන යනවා. 17 වැනි දින අලුයම 1.30 ට පමණ මා නිදා සිටින විට බිරිඳත් බාල පුතාත් හයියෙන් කතාකරන හඬ ඇසී මා ඒ ගැන විමසුවා. "අයියව හැපිලා" කියලා පොඩි පුතා කිව්වා."
"මා පවුලේ අය සමග සිද්ධියවූ ස්‌ථානයට ගියා. ඒ වෙනකොටත්  පුතාව බේරුවල රෝහලට ගෙන ගොස්‌ තිබුණා. එතැනින් නාගොඩ රෝහලේ  දැඩිසත්කාර ඒකකයේ සිටියා. අලුයම 2.30 ට පමණ කොළඹ මහ රෝහලට යෑව්වා. උදේ ආපසු නාගොඩට ගෙනාවා. එහි වෛද්‍යවරියක්‌ මට කිව්වා පුතාගේ මොළේ මියගොස්‌ ඇති බව. ඒ නිසා ජීවත් කරන්න බැහැ කීවා. "
"පුතාගේ අවයව පරිත්‍යාග කරන්න කැමතිද ඇහුවා. අප ඊට කැමති වුණා. මෙම අනතුර හේතුවෙන් පුතා මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා."

අනතුරට අදාළ ප්‍රයිම් මුවර් රථයේ රියෑදුරු ලෙස කටයුතු කළ , හොරණ පරගස්‌තොට මිල්ලනිය පදිංචි විදාන කංකානම්ගේ සමන්ත යන අය ද සාක්‍ෂි දුන්නා.
"16 වැනිදා රාත්‍රි 10.45 ට පමණ මා සිමෙන්ති කොට්‌ට 900 ක්‌ පටවා ගත් වාහනය ගාල්ල  ෆැක්‌ටරියේ සිට කැලණිය සේදවත්ත ගබඩාව දක්‌වා ධාවනය කළා. මගේ වේගය පැයට කිලෝ මීටර් 40-45 පමණ ඇති. අපේ වේගය ජීපීඑස්‌ උපකරණ මගින් ආයතනයෙන් පරීක්‍ෂා කරනවා. අපේ රථය අලුත්ගම පසුකර ඉදිරියට යන විට මාරගහ හන්දියට මීටර් 200 ක්‌ පමණ තිබියදී පාර අයිනේ තුන් දෙනෙක්‌ කතා කරමින් සිටියා."
" එක්‌ අයෙක්‌ පාපැදියේ හිටියා. අනෙක්‌ අය අයින් වෙන්න කියා කෑ ගසද්දී එක්‌ අයෙකු මගේ වාහනයට මීටර් 10 ක්‌ පමණ තිබියදී පාර හරහා පැන්නා. මා තිරිංග ක්‍රියා කළත් ඔහු වාහනයේ ඉදිරිපස හැපී වාහනය ඉදිරියේ වැටුණා. මගේ වාහනයේ දකුණු පසු රෝදය ඔහුගේ කකුල් දෙක ළඟ නතරවී තිබුණා. මා තුවාලකරුව ඉස්‌සුවා. ඔහු සමග සිටි මිතුරන් ආවේ නැහැ."
"පාරේ යන ත්‍රීවීල් 4-5 ක්‌ම මොහුව රෝහලට ගෙන යැම ප්‍රතික්‍ෂේප කර ගියා. කාර් කීපයකුත් මොහු රෝහලට ගෙන යාම ප්‍රතික්‍ෂේප කළා. එවිට එතැනට ආ තවත් අයෙක්‌ බලෙන් හරි ත්‍රීවිල් එකක්‌ නවත්වා ගමු කිව්වා. ඒ අනුව නවතා ගත් ත්‍රිරෝද රථයෙන් මොහුව බේරුවල රෝහලට යෑව්වා. පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත මා රෝහලට ගියේ නැහැ."

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka