Thursday, October 19, 2017

කොළොන්නාවේ අතුරුදන් තිදෙනා හැංගුණාද.. හැංගුවාද?

කොළොන්නාව ප්‍රදේශ‍ෙය් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණ මවක් හා 15 හැවිරිදි දැරියක් ඊයේ (18) දින වැල්ලම්පිටිය පොලිසියටත් 14 හැවිරිදි දැරිය ගම්පහ පොලිසියටත් පැමිණ බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙහිදි වයස අවුරුදු දාහතර හැවිරිදි දැරිය ගම්පහ පොලිසියට බාරදීමට පැමිණි කාන්තාවද වයස අවුරුදු පහළොවේ තරුණියගේ පෙම්වතා ලෙස සැලකෙන තරුණයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) උදෑසන 9.00ට පමණ 19 හැවිරිදි තරුණ මවක් හා 15 හැවිරිදි දැරිය වැල්ලම්පිටිය පොලිස් ස්ථානයටත් 14 හැවිරිදි දැරිය ගම්පහ පොලිස් ස්ථාන‍යටත් පැමිණ බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කෙළේය. කොළොන්නාව, සාලමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වන
මොවුන් තිදෙනා පසුගිය සෙනසුරාදා සිට අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණි.

දුරකථන ඇමතුම් කිහිපයක් ඔස්සේ ‍පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබූ අතර අතුරුදන් වූවන් සමඟ දුරකථන හා සම්බන්ධ වූ කොළොන්නාව ප්‍රදේශයේ තරුණයකුගෙන්ද වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ඒ අනුව ඊයේ (18) පෙරවරුවේ අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණ මව සහ 15 හැවිරිදි දැරිය වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට පැමිණ බාර වී ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා කියා සිටි අතර අතුරුදන්ව සිටින 14 හැවිරිදි දැරිය දහවල් නැවතී සිටි නිවසේ කාන්තාව සමඟ ගම්පහ පොලිසියට පැමිණ බාර වූ බවත් ප්‍රකාශ කළ පොලිස් අධිකාරිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද කියා සිටියේය.

පසුගිය 14දා මඟුල් ගෙදරකට රෙදි ගැනීමට කියමින් නිවෙස්වලින් පිටවී ගොස් ඇති මෙම තිදෙනා පිළිබඳව ආරංචියක් නොමැති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ මෙම තිදෙනා පදිංචි නිවෙස අසල සැක කටයුතු ලෙස ‍ජංගම දුරකථනයකින් පණිවුඩ හුවමාරු කරන තරුණයෙකු පිළිබඳව අතුරුදන්වූ දැරියන්ගේ මාපියන් වැල්ලම්පිටිය පොලිසියට කරන ලද දැනුම්දීමකින් අනතුරුව එම තරුණයාගෙන් ප්‍රශ්න කරගෙන යන අතරතුරදී තරුණ මව හා ඇගේ නෑනාවන පාසල් සිසුවියක් වැල්ලම්පිටිය පොලිසියට බාර වූ බව කියන පොලිසිය අනෙක් පාසල් සිසුවිය හා ඇය දින ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටි බව කියන කාන්තාවක් ගම්පහ පොලිසියට බාර වූ බවද කියයි.

වැල්ලම්පිටිය පොලිසියට ඊයේ උදේ බාරවූ 15 හැවිරිදි දැරිය ගම්පහ නිවසේ සිටියදී එම දැරියගේ රත්‍රං මාලය එම නිවසේ කාන්තාව විසින් පැහැරගෙන ඇති බවත් දැරිය සහ 19 හැවිරිදි අතුරුදහන් වූ මව නිවෙසින් පිටමං කිරීමේදී ඔවුන්ට රුපියල් දස දහසක මුදලක් ලබාදී ඇති බවත් වාර්තා වේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka