Tuesday, October 17, 2017

සරසවි ඇතුළේ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදන හැටි ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

සරසවි ඇතුළේ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදන හැටි ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්
විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පස්වරුවේ ප්‍රකාශ කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එම කරුණු පැවසීය.

තරුණ පරම්පරාව, සරසවි සිසුන් හා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් යනාදි අවදානම්වලින්
බේරාගැනීමේ අභියෝගයක් හා ඒ සඳහා සාමූහිකව කටුයතු කිරීමේ අවශ්‍යතාවක් ද අද වනවිට රට හමුවේ ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
එහිදි තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද අදහස් දැක්වීය.

“මේ ළඟදි මට විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් කතා කළා. විශ්ව විද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින තත්ත්වයක් ආරම්භ වෙලා තිබෙන බවට ඔහු මට කීවා. එවැනි පසුබිමක් අපේ රටේ තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමේදී රටේ සියලු දෙනාටම පුළුල් වගකීමක් තිබෙනවා. සාමූහික වගකීමක් දැරිය යුතුව තිබෙනවා. රටේ දරුවන් රටේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින්, මත් රකුසාගෙන්, මත් පෙතිවෙලින් බේරා ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන්, ඒ සඳහා අපට රටක් ලෙස , ජාතියක් ලෙස, සමාජයක් ලෙස, ගුරුවරුන් හා මාපියන් ලෙස අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සඳහා අද වනවිට දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා”

(under the courtesy of asianmirror.lk news web)

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka