ඉංග්‍රීසි උපකාරක පංති පවත්වන ගුරුවරයෙක් අවුරුදු 08 සහ 09 වයස්වල පසුවන ළමුන්ට බරපතල ලිංගික අපයෝජන කර ඇති බවට දෙමාපියන් කරන ලද පැමිණිල්ලකට අනුව උපකාරක පංති ගුරුවරයෙකු හුංගම පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 33ක් වන සැකකාර ගුරුවරයා එක් දරු පියෙක් වන අතර විවිධ අධ්‍යාපන සුදුසුකම් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කරමින් දෙමව්පියන් රවටා දරුවන් උපකාරක පංතිය සඳහා සහභාගී කරගෙන ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ මෙම ගුරුවරයාට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට සමාර්ථයක් පමණක් ලබා ඇති බවයි.
උපකාරක පංති පැවැත්වෙන ස්ථානයේ කාමරයක දි කුඩා දරුවන් ලවා විවිධ අපචාර ක්‍රියා සිදුකර ඇති බවද දරුවන්ට විවිධ අතවරයන්ට ලක් කළ බවද ප්‍රශ්න කිරිම් වලදි සැකකරු පිළිගෙන ඇති බව
පොලිසිය පවසනවා.වයස අවුරුදු 33ක් වන සැකකාර ගුරුවරයා එක් දරු පියෙක් වන අතර විවිධ අධ්‍යාපන සුදුසුකම් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කරමින් දෙමව්පියන් රවටා දරුවන් උපකාරක පංතිය සඳහා සහභාගී කරගෙන ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ මෙම ගුරුවරයාට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට සමාර්ථයක් පමණක් ලබා ඇති බවයි.
උපකාරක පංති පැවැත්වෙන ස්ථානයේ කාමරයක දි කුඩා දරුවන් ලවා විවිධ අපචාර ක්‍රියා සිදුකර ඇති බවද දරුවන්ට විවිධ අතවරයන්ට ලක් කළ බවද ප්‍රශ්න කිරිම් වලදි සැකකරු පිළිගෙන ඇති බව
සැකකාර ගුරුවරයා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.