Sunday, October 1, 2017

දහසකුත් දේ හිතේ තියාගෙන කුවෙට් රටේ සේවයට ගිය 'සිසිර' අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනියි

වැලි ගොඩ දැමීම කුලී වැඩ කිරීම රැකියාව කරගත් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එච් .එම් . සිසිර කුමාර නමැති දෙදරු පියා පසුගිය පෙබරවාරි මාසයේ කුවේට් රටට  පිටත්ව ගියේ නිවස හදා ගැනීමටත් සිය  දියණියට සහ පුතාට අධ්‍යාපනය ලබාදීමටත් අරමුණු කරගෙනයි.

එහෙත් සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට සිසිර කුමාර ට නොහැකිවුණා.

පසුගිය පස්වැනිදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් සිසිර එරටදී මියයෑම හේතුවෙන් ඔහුගේ නිසල දේහය පසුගිය 28 දින රාත්‍රියේ නිවසට ගෙනවිත් තිබුණා.

කේ .බි . රේණුකා දයාවතී බිරිඳත් උසස්පෙළ විභාගයට පෙනී සිටින රුවන් චාමර පුතනුවනුත්,  දියණිය මදුචානි කුමාරි  යන දරුවන්ද  දැඩි අසරණතාවයකට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කර සිටියේ සිසිර මාස කීපයක එවූ  මුදලින් කාමර දෙකක් තනා ගත්තද එහි වහලය ගසා ගැනීමට  නොහැකි තත්ත්වයක සිටිය දී සිසිර මෙලොවෙන් සමුගත් බවයි.

සිසිරගේ මළ සිරුර තබන්නට ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඔහු විසින් තනා ගත් කාමර දෙක ඉහලින්
තාවකාලිකව ටකරන්  කිහිපයක් සවිකොට මළ සිරුර තබා තිබුණා.

සිසිරගේ වියෝවත් සමග දැඩි ලෙස අසරණ වී සිටින රේණුකා  දයාවතී බිරිඳ පවසා ඇත්තේ විවාහ වී වසර දහ හතක් යනතුරු තම සැමියා කුලී වැඩ කොට තමන්  සහ දරුවන් පෝෂණය කළ බවයි.

එහෙත් අවසානයේදී ඔහුගේ බලාපොරොත්තු සියල්ල සුන් වී විදේශ රටක සැමියාගේ හුස්ම පොද ගිය බවද ඇය පවසා තිබෙනවා.

දරුවන් දෙදෙනාත් බිරිඳත් සිසිරගේ නැන්දම්මාත් ජීවත් වූයේ සිසිර විසින් උපයා ගන්නා මුදලින් බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

ඉසුරු සොයා සැපත සොයා එතෙර ගිය සිසිර ඊයේ (30) සදහටම මිහිකත මත සැඟව ගියේ තවදුරටත් බිරිඳ දරුවන් දෙදෙනාට දුක ඉතිරි කරමිනුයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka